අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

වත්මන් දේශපාලන නායකයින්ට ජේ ආර් ගේ චරිතය මනා ආදර්ශයක්

වත්මන් දේශපාලන නායකයින්ට ජේ ආර් ගේ චරිතය මනා ආදර්ශයක්

වත්මන් දේශපාලන නායකයන්ට ජේ.ආර්. ජයවර්ධන චරිතය මනා ආදර්ශයක් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ…

වත්මන් දේශපාලන නායකයන්ට ජේ.ආර්. ජයවර්ධන චරිතය මනා ආදර්ශයක් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා මේ බව කියා සිටියේ කොළඹ ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රයේ දී ඉරිදා (17) පැවති දිවංගත හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 117 වන ජන්ම දින සමරුම් උත්සවයේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

නිර්පාක්ෂික පුද්ගලයෙක් වශයෙන් අද මෙම අවස්ථාවට සම්බන්ධ වීමට ලැබීම පිළිබඳව මම සතුටට පත්වෙනවා. පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය කළ යුතුයි කියන මතය ජේ.ආර්. ජයවර්ධන මහතා ඉදිරිපත් කළා. එම ආයතන නැවත සංශෝධනය කළ යුතුයි යන්න එතුමාගේ දර්ශනය වී තිබුණා. 

දැන්වීම

ඒ වගේම රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන එකට එක්ව වැඩ කළ යුතුයි කියන මතය එතුමා තුළ තිබුණා.ඒ තුළින් රටේ තරුණ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබා දීම එතුමාගේ අරමුණ වුණා. අද චීනය ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වී තිබෙන්නේ මෙම හවුල්කාරී ව්‍යාපාර නිසා.

යම් කාලවලදී මෙරට පාලකයන් පත් කරනටත්, ඉවත් කරන්නටත් විධායක ජනාධිපති ක්‍රමයට හැකියාව ලැබුණා. ජයවර්ධන මැතිතුමා යම් තීන්දුවක් ගත්තා නම් එම තීන්දුව වෙනස් කරන්නේ නැහැ. එසේ වෙනස් කළා නම් එය සිදු කළේ ජනතාවාදී පාලනයක් ඇති කිරීම සඳහා පමණයි. ජපානයේ ජනතාව අදද ජේ.ආර්. ජයවර්ධන මහතාට ගරු කරනවා. එදා එතුමා ජපානය වෙනුවෙන් ජාත්‍යන්තරය හමුවේ පෙනී සිටියා.

එතුමාගේ රාජ්‍ය පාලනයේ දී එතුමා සමඟ හොඳ තරුණ කණ්ඩායමක් සිටියා. එතුමා තරුණයන්ට අවස්ථාවක්, මෙන්ම බලයක් ලබා දුන්නා. ඒ වගේම ජේ.ආර්. ජයවර්ධන මහතා මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල දියුණුවත් ඇති කිරීමට කටයුතු කළ නායකයෙක්.

ජයවර්ධන මැතිතුමා සතුව උසස් නායකත්ව ලක්ෂණ තිබුණා. එබැවින් වත්මන් දේශපාලන නායකයන්ට එතුමාගේ චරිතය මනා ආදර්ශයක් බව කිව යුතුයි. ජේ.ආර්. ජයවර්ධන මහතා ජනතාව වෙනුවෙන් සේවය කළත් කිසිවිටෙක ප්‍රසිද්ධිය බලාපොරොත්තු වුණේ නැහැ. කොළඹ ක්‍රමයේ මහ මොළකරු වුණෙත් එතුමායි.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් සහ ප්‍රවාහන ක්ෂේත්‍රය වෙනුවෙන් එතුමාගේ පාලන කාලය තුළ සුවිශේෂී වැඩකොටසක් සිදු වූ අතර ජල විදුලි බලාගාර ඇති කිරීම ඇතුළු සේවා රැසක් එතුමාගේ පාලන කාලය තුළ සිදු වුණා.

එසේම එතුමා විදෙස් රටවල් සමග පැවැත්වූ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා රටට ඉතා වැදගත් වුණා. එතුමා ලෝකයේ විවිධ රටවල් සමඟ වෙළඳ සබඳතා පුළුල් කර ගත්තා. කොළඹ ක්‍රමය තුළින් එම වෙළඳ සබඳතා තවදුරටත් ශක්තිමත් වු බව කිව යුතුයි. කීර්තිමත් නායකයෙකු වූ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මේ රටට කළ සේවය පිළිබඳ අප ප්‍රණාමය පුද කර සිටිනවා. 
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
වත්මන් දේශපාලන නායකයින්ට ජේ ආර් ගේ චරිතය මනා ආදර්ශයක් | Lanka Newsweek