වජිර අබේවර්ධන ජාතික ලැයිස්තුවක් ඉල්ලා පරසක්වළ ගසයි

මහා මැතිවරණයට මුහුණ දෙන්න බිය වෙලා සංවිධායකවරු වජිරට "හූ" කියා කුණුහරුපයෙන් බැන වදිති මහා මැතිවරණයට ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට බියෙන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පරසක්වළ…
මහා මැතිවරණයට මුහුණ දෙන්න බිය වෙලා
සංවිධායකවරු වජිරට "හූ" කියා කුණුහරුපයෙන් බැන වදිති
මහා මැතිවරණයට ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට බියෙන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පරසක්වළ ගසමින් ජාතික ලැයිස්තුවක් ඉල්ලා සිටියි.
කෙසේ නමුත් ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පාක්ෂිකයින් අවධාරණය කර සිටින්නේ, ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස වජිර අබේවර්ධන මහතා බිය නොමැතිව මහා මැතිවරණයට අනිවාර්යෙන්ම තරඟ කළ යුතු බවය.
වජිර අබේවර්ධන මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයෙන් ද විශාල විරෝධයක් එල්ල වෙමින් තිබෙන අතර "සිරිකොත" පක්ෂ මූලස්ථානයේ දී පැවති එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන්ගෙන් ද ඔහුට දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
එහිදී ආසන සංවිධායකවරුන් වජිර අබේවර්ධන මහතාට සහ සාගල රත්නායක මහතාට "හූ" කියමින් කුණුහරුපයෙන් බැන වැදී චෝදනා එල්ල කර තිබෙන්න එක්සත් ජාතික පක්ෂය විනාශ කළේ ඔවුන් දෙදෙනා බවටය.