අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

වංචනික පිරිසක් ව්‍යාපාර ස්ථානවලින් මුදල් ලබා ගනී.

වංචනික පිරිසක් ව්‍යාපාර ස්ථානවලින් මුදල් ලබා ගනී.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් හෙළිදරව්වක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින් ලෙස පෙනී සිටිමින් වංචනික පිරිසක් ව්‍යාපාරික ස්ථානවලට ගොස් බදු මුදල් රැස් කරන බවට දිගින් දිගටම පැමිණිලි ලැබෙමින් ඇතැයි…


දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් හෙළිදරව්වක්


දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින් ලෙස පෙනී සිටිමින් වංචනික පිරිසක් ව්‍යාපාරික ස්ථානවලට ගොස් බදු මුදල් රැස් කරන බවට දිගින් දිගටම පැමිණිලි ලැබෙමින් ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

එහි මධ්‍ය කමිටුව සඳහන් කළේ, කොළඹ, පානදුර, මීගමුව, වෙන්නප්පුව, මිනුවන්ගොඩ ආදී ප්‍රදේශවලින් එම පැමිණීලි ලැබී ඇති බවයි.

බදු වර්ගවලට අදාළ බදු මුදල් රැස් කිරීමේදි දේශීය ආදායම් නිලධාරීන් විසින් බදු ගෙවන්නන් වෙත ගොස් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නමින් පවත්වාගෙන යන බැංකු ගිණුම්වලට පමණක් බදු මුදල් තැන්පත් කිරීමට උපදෙස් දෙන බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මුදල් හෝ චෙක්පත් එකතු කිරීමක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සිදු කරන්නේ නැහැ.

දැන්වීම

ඒ අනුව වංචනික පුද්ගලයින් වෙත මුදල් ලබා නොදන ලෙසත් ඔවුන් නීතියේ රැහැනට හසුකර දෙන ලෙසත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

දැනටමත් එවැනි වංචනිකයින්ට හසුවී ඇත්නම් ළඟම පොලිසියට දැනුම් දෙන්නැයි, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවට දැනුම් දෙයි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න