අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ කොටස් කුමාර් සංගක්කාරටත්..!

ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ කොටස් කුමාර් සංගක්කාරටත්..!

(නිලන්ති චන්ද්‍රසේන) ක්‍රිකට් ක්‍රීඩාවේ මහ ගෙදර ලෙස සැලකෙන එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ කොටස් විකුණා ජනතා සතු කිරීමේ අපූරු ක්‍රමයක් නිර්මාණය කර ඇති බව වාර්තා වෙයි. හිටපු සුප්‍රකට ක්‍රීඩකයන් කිහිප…

(නිලන්ති චන්ද්‍රසේන)

ක්‍රිකට් ක්‍රීඩාවේ  මහ ගෙදර ලෙස සැලකෙන එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ කොටස් විකුණා ජනතා සතු කිරීමේ අපූරු ක්‍රමයක් නිර්මාණය කර ඇති බව වාර්තා වෙයි.

හිටපු සුප්‍රකට ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම මීට එක්ව ඇති අතර ශ්‍රී ලංකාවෙන් ඊට කුමාර් සංගක්කාර එක්ව සිටින බව වාර්තා වේ.

“මාගේ ක්‍රීඩා දිවියේ විශේෂ ස්ථානයක් විදියට ලෝඩ්ස් ක්‍රීඩාංගණය සඳහන් කළ හැකියි. මේ ක්‍රීඩාංගණයේ සිට ක්‍රීඩා ලෝලීන්ව පිනවීමට හැකි වීම ගෞරවයක් කියා සිතනවා.  ලෝඩ්ස් ක්‍රීඩාංගණය ලොව වටා වෙසෙන ක්‍රීඩා ලෝලීන්ට විශේෂිත ක්‍රීඩාංගණයක්. දැන් ඔවුන්ටත් අවස්ථාවක් ලැබී තිබෙනවා එහි කොටසක හෝ අයිතිය ලබා ගැනීමට. මෙම ක්‍රීඩාංගණයේ කොටසකට අයිතිය මටත් ලැබීම භාග්‍යයක් විදියට මම සිතනවා.” යැයි මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කර ඇත.

ලෝඩ්ස් පිටියේ ස්ථානයක්  ලබා ගැනීම සඳහා අයැදුම් කළ යුතු  අතර එහි  අඩුම මිල ලෙස දැක්වෙන්නේ බ්‍රිතාන්‍ය පවුම් 500 කි.

කුමාර් සංගක්කාරට අමතරව ඩේවිඩ් ගවර්, ඇලන් ලෑම්බ් සහ ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ලෝඩ්ස් පිටියේ කොටස් ලබා ගත් ක්‍රීඩකයින් වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ කොටස් කුමාර් සංගක්කාරටත්..! | Lanka Newsweek