ලෝක ශුර උසේන් බෝල්ට් ක්‍රීඩා දිවියට සමු දෙයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

පා පන්දුවත් අත හරියි..! අට වරක් ඔලිම්පික් රන් පදක්කම් දිනූ කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට් "ක්‍රීඩා දිවිය අවසන්" කළ බව නිවේදනය කර තිබේ.ඔහු මෙම සමුගැනීම ප්‍රකාශ කළේ, ධාවන තරගවලින් ඉවත් වී පාපන්දු…
පා පන්දුවත් අත හරියි..!
අට වරක් ඔලිම්පික් රන් පදක්කම් දිනූ කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට් "ක්‍රීඩා දිවිය අවසන්" කළ බව නිවේදනය කර තිබේ.ඔහු මෙම සමුගැනීම ප්‍රකාශ කළේ, ධාවන තරගවලින් ඉවත් වී පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස සිය වෘත්තිය ආරම්භ කිරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් ඇති වූ කලකිරීමත් සමගිනි.
32 හැවිරිදි ජැමෙයිකානු කෙටි දුර ධාවන ශූරයා මාස දෙකක කාලයක් ඔස්ට්‍රේලියාවේ සෙන්ට්‍රල් කෝස්ට් මැරිනර්ස් පාපන්දු කණ්ඩායමේ පුහුණුව ලැබුව ද, වෘත්තීය ගිවිසුමක් සඳහා මූල්‍ය අනුග්‍රාහකයෙකු සොයා ගැනීමට ක්‍රීඩා සමාජය අපොහොසත් වීම හේතුවෙන් පසුගිය නොවැම්බර් මාසයේදී ඔහු ඉන් ඉවත් විය.
"ඒ කාලේ ඇතුලත මම සතුටක් ලැබුවා," මීටර් 100 සහ 200 ලෝක වාර්තාවලට හිමිකම් කියන උසේන් බෝල්ට් පැවසීය."කටයුතු හරියට සිදුවුනේ නැහැ කියල කියන්න මට අවශ්‍ය නෑ. ඒත් අපි ඒක කළේ කළ යුතු ආකාරයට නෙවෙයි."
කෙසේ වෙතත් ඔහු සඳහන් කළේ, "අපි ජීවත් වෙන අතරේ ඉගෙන ගන්නවා. ඒක මට හොඳ අත්දැකීමක් - කණ්ඩායමක සිටීමෙන් මම ඇත්තට ම සතුටක් ලැබුවා."
2018 ඔක්තෝබර් මාසයේදී මැක්ආතර් සවුත් වෙස්ට් කණ්ඩායම සහ මැරිනර්ස් කණ්ඩායම අතර පැවති සුහද පාපන්දු තරගයකදී උසේන් බෝල්ට් ගෝල දෙකක් වාර්තා කිරීමට සමත් වූයේ, පාපන්දු ක්‍රීඩාව තුළ බෝල්ට් සලකුණක් තබමිනි.
උසේන් බෝල්ට් බඳවා ගැනීමට උනන්දු වූයේ, ඔස්ට්‍රේලියාවේ මැරිනර්ස් ක්‍රීඩා සමාජය පමණක් නොවේ. මෝල්ටාවේ වැලේටා ක්‍රීඩා සමාජය ද ඔහුට ඇරයුම් කළ අතර ඔහු වැටුප් වශයෙන් ඉල්ලා සිටි මුදලට එකඟවීමට නොහැකි වූ හෙයින් එය ප්‍රතික්ෂේප විය.
ඔහු මීට පෙර ස්ට්‍රොම්ස්ගොඩ්සෙට් නමැති නොර්වේ කණ්ඩායම සහ ජර්මනියේ බොරුසියා ඩෝට්මන්ඩ් කණ්ඩායම සමග ද පුහුණු වීම්වල නිරත විය. 2017 වසරේදී මලල ක්‍රීඩාවෙන් සමුගත් උසේන් බෝල්ට් පවසන්නේ, ඔහු ව්‍යාපාරික ලෝකය කෙරෙහි යොමු වන බවය. "මම දැන් විවිධ ව්‍යාපාර සඳහා යොමු වෙමින් ඉන්නවා. මම දැන් උත්සහ කරන්නේ ව්‍යාපාරිකයෙකු වෙන්නයි."
-BBC-
(සිංහල සේවය)
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1