ලෝක වාර්තාවක් තබමින් රුපියල කඩා වැටෙයි

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දේශීය රුපියලේ අගය අවප්‍රමාණය වීම අතින් ලොව තෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇති බව ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් හැන්කේගේ දත්ත වාර්තා…
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දේශීය රුපියලේ අගය අවප්‍රමාණය වීම අතින් ලොව තෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇති බව ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් හැන්කේගේ දත්ත වාර්තා පෙන්වා දෙයි.
එම වාර්තාවට අනුව සිම්බාබ්වේ රාජ්‍යයට පළමු ස්ථානය හිමිව ඇති අතර සිම්බාබ්වේ මුදලේ අගය ඇමෙරිකනු ඩොලරයට සාපේක්ෂව 73.33%කින් අවප්‍රමාණය වී තිබේ.
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව මුදලේ අගය 57.65%කින් අවප්‍රමාණය වී කියුබාව එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර ශ්‍රී ලංකාව එම ලැයිස්තුවේ තෙවැනි ස්ථානයට පත්ව තිබෙන්නේ රුපියලේ අගය 47.79%කින් අවප්‍රමාණය වීම හේතුවෙනි.