අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ලෝක බැංකු සභාපති ඉල්ලා අස්වෙයි..!

ලෝක බැංකු සභාපති ඉල්ලා අස්වෙයි..!

ලෝක බැංකු සභාපතිවරයා ලෙස කටයුතු කරන ජිම් යොන් කිම් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබේ. ඔහුගේ මෙම ඉල්ලා අස්වීම පෙබරවාරි 1 වැනි දා සිට ක්‍රියාත්මක වේ. දැනට 59 හැවිරිදි වියේ පසුවන කිම් මහතා…

ලෝක බැංකු සභාපතිවරයා ලෙස කටයුතු කරන  ජිම් යොන් කිම් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබේ. ඔහුගේ මෙම  ඉල්ලා අස්වීම පෙබරවාරි  1 වැනි දා සිට ක්‍රියාත්මක වේ.

දැනට 59 හැවිරිදි වියේ පසුවන කිම් මහතා එම ධූරයට පත් වුයේ 2017 වසරේ දී වන අතර ඉදිරි වසර  තුනක කාල සීමාවක් ඔහුට එම තනතුරේ රැදී සිටිමට කාලය තිබියදී මෙලෙස ඉල්ලා අස්වී මට ඔහු තීරණය කර තිබේ.

කිම් මහතාගේ මෙම ඉල්ලා අස්වීමට කිසිදු හේතුවක් සඳහන් කර නැත. සංවර්ධනය වෙමින් පවතින රටවල යටිතල පහසුකම් දියුණු කිරිම සඳහා ඔහු කටයුතු කළ බව ලෝක බැංකුව පවසයි.

තවද නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ, මෙම කැපී පෙනෙන ආයතනයේ සභාපති ලෙස සේවය කිරිම අතිශය ගෞරවයක් බවයි.

 ලෝක බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරීය ලෙස කටයුතු කරන ක්‍රිස්ටාලිනා ජෝර්ජියාවා මහත්මිය දැනට ලෝක බැංකු සභාපති ධූරයේ කාර්යභාරය  සිදු කිරීමට නියමිතයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ලෝක බැංකු සභාපති ඉල්ලා අස්වෙයි..! | Lanka Newsweek