අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ලෝක බැංකු ප්‍රධානීන් චීන බැංකු සභාපතිවරුන් සමග සාකච්ඡා

ලෝක බැංකු ප්‍රධානීන් චීන බැංකු සභාපතිවරුන් සමග සාකච්ඡා

චීන එක්සිම් බැංකුවේ සහ චීන සංවර්ධන බැංකුවේ සභාපතිවරුන් චීනයේ සංචාරයක නිරත වන ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය සමඟ…


චීන එක්සිම් බැංකුවේ සහ චීන සංවර්ධන බැංකුවේ සභාපතිවරුන් චීනයේ සංචාරයක නිරත වන ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය සමඟ සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී  ලෝක ආර්ථික තත්ත්වය සේම ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල ණය පිළිබඳ ඵලදායී සාකච්ඡාවක් පැවැත්වූ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත.

එම සාකච්ඡාව පැවැත් වූයේ චීන එක්සිම් බැංකුවේ සහ චීන සංවර්ධන බැකුවේ සභාපතිවරුන් සංවිධානය කර තිබූ රාජකාරී මට්ටමේ භෝජන සංග්‍රහයක් අතරතුර බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කර තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ලෝක බැංකු ප්‍රධානීන් චීන බැංකු සභාපතිවරුන් සමග සාකච්ඡා | Lanka Newsweek