ලෝක ගංජා වෙළෙඳ පොළ ඩොලර් බිලියන 91.5 ට නගියි

ශ්‍රී ලංකාවේ ලක්ෂ තුනක් ගංජා ගහනවා රටේ විශාලතම නීති විරෝධී මත්ද්‍රව්‍යය ගංජා 2028 වන විට ලෝකයේ නීත්‍යානුකූල ගංජා වෙළඳ පොළේ විශාලත්වය අමෙරිකානු ඩොලර් බිලියන 91.5 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කර නබව…
ශ්‍රී ලංකාවේ ලක්ෂ තුනක් ගංජා ගහනවා
රටේ විශාලතම නීති විරෝධී මත්ද්‍රව්‍යය ගංජා
2028 වන විට ලෝකයේ නීත්‍යානුකූල ගංජා වෙළඳ පොළේ විශාලත්වය අමෙරිකානු ඩොලර් බිලියන 91.5 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කර නබව ජාත්‍යන්තර පර්යේෂණ අනුව හෙළිදරව් වී ඇත.
ගංජා යනු ලෝකයේ බහුලවම භාවිතා වන නීති විරෝධී මත්ද්‍රව්‍යය වන අතර 2013 දී, ගංජා විනෝදාත්මක භාවිතය සඳහා 2013 වර්ෂයේ දී ගංජා නීති ගත කළ පළමු වන්නේ උරුගුවේ රාජ්‍යය වේ.
යම් යම් නියාමනයන් යටතේ ගංජා විනෝදාත්මක හෝ ඖෂධීය භාවිතාවන් සඳහා නීති ගත කළ අනෙකුත් රටවල් වන්නේ කැනඩාව, ජෝර්ජියාව, දකුණු අප්‍රිකාව, ස්පාඤ්ඤය, සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත කීපයකි. කෙසේ නමුත් එක්සත් ජනපදයේ ෆෙඩරල් නීති අනුව ගංජා ළඟ තබා ගැනීම නීති විරෝධී ලෙස පවතියි.
දැන්වීම
ජාත්‍යන්තර පර්යේෂණ ආයතන පෙන්වා දෙන්නේ රාජ්‍යයන් කිහිපයක්ම මෑත කාලීනව (නියාමනයක් යටතේ) ගංජා භාවිතාව නීති ගත කිරීම හේතුවෙන්, වෛද්‍යමය අරමුණු සඳහා ගංජා භාවිතය ප්‍රසිද්ධ වෙමින් පවතින බවය.
වේදනාව පාලනය කිරීමට, ඇල්සයිමර් රෝගයට, ආතරයිටිස් රෝගයට, පිළිකාවලට, කාංසාවට සහ අපස්මාරය ඇතුළු ස්නායු රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමට ගංජා සාර්ථකව භාවිතා කළ හැකි යැයි විශ්වාස කෙරෙන අතර ලෝකයේ ඇතැම් රටවල වෛද්‍ය නිර්දේශය යටතේ ගංජා භාවිතා වීම හේතුවෙන් ඒ සඳහා වන නිෂ්පාදන ඉල්ලුම වැඩි වී තිබේ.
ශ්‍රී ලංකාවේ බහුලවම භාවිතා වන නීති විරෝධී මත්ද්‍රව්‍යය වන්නේ ගංජා වන අතර අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ 2019 වසරේ ඇස්තමේන්තුවලට අනුව ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 14ට වැඩි ජන ගහණයෙන් 1.9%ක ප්‍රතිශතයක් එනම් 301,898ක් ගංජා භාවිතා කරයි.