අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ලෝකයේ අසාර්ථකම දිළිඳු වැඩ සටහන සමෘද්ධියලු

ලෝකයේ අසාර්ථකම දිළිඳු වැඩ සටහන සමෘද්ධියලු

(රංජිත් ගුණවර්ධන) ලෝකයේ ක්‍රියාත්මක දිළිදුකම පිටු දැකීමේ වැඩසටහන් අතර ශ්‍රී ලංකාවේ සමෘද්ධි වැඩ සටහන අසාර්ථකම වැඩ සටහනක් බව ලෝක බැංකුව විසින් ලොව දිළිදුකම පිටු දැකීමේ වැඩ සටහන් පිළිබදව සිදු කරන ලද…

(රංජිත් ගුණවර්ධන)

ලෝකයේ ක්‍රියාත්මක දිළිදුකම පිටු දැකීමේ වැඩසටහන් අතර ශ්‍රී ලංකාවේ සමෘද්ධි  වැඩ සටහන අසාර්ථකම වැඩ සටහනක් බව ලෝක බැංකුව විසින් ලොව දිළිදුකම පිටු දැකීමේ වැඩ සටහන් පිළිබදව සිදු කරන ලද අධ්‍යනයකදී හෙළිවී තිබේ .

සමෘද්ධි වැඩ සටහනින් 82%ක් වැය කොට ඇත්තේ සමෘද්ධි ලාභීන්ගේ ආහාර පරිභෝජනය සදහා ආහාර ලබාදීමට බව ද අදාළ අධ්‍යනයේදී හෙළි වි අති අතර සමෘද්ධි වැඩ සටහනින් ආධාර ලැබූ සමෘද්ධි ලාභීන්ගෙන් 41000 ක  පිරිසක් දුගී තත්වයෙන් මිදීම නිසා 2010 වසරේ සිට 2016 වසර දක්වා කාලය ඇතුළත දී ඉවත් කොට ඇතත් එම කාලය ඇතුළත සමෘද්ධි  වැඩ සටහන සදහා අලුතින් එක්වී  ඇති සමෘද්ධි ලාභීන් සංඛ්‍යාව 42215කි.

දැන්වීම

ශ්‍රී ලංකාවේ සමෘද්ධි වැඩසටහන පිළිබදව පර්යේෂණයක නිරත වි ඇති එක්සත් ජාතික පක්ෂ  ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචර්ය ආශු මාරසිංහ මහතාට අනුව ශ්‍රී ලංකාවේ සමෘද්ධි වැඩසටහන දුප්පතුන්ගේ ආර්ථිකය සවිමත් කිරීමේ ව්‍යාපාරයක් ලෙස ආරම්භ කළ ද සමෘද්ධි සංවර්ධන නිලධාරින්ට පසුගිය කාලයේදී දේශපාලන නිදහස ලබාදීම නිසා සමෘද්ධි ව්‍යාපාරය මේ වනවිට සම්පුර්ණයෙන්ම දේශපාලන ව්‍යාපාරයක්  බවට පත්වී අත.

සමෘද්ධි වැඩ සටහන පිළිබදව ලෝක බැංකුව විසින් කරන ලද අධ්‍යනයකදී තහවුරු වි ඇත්තේ එම වැඩ සටහනින් ශ්‍රී ලංකාවේ දුගී දුප්පත්කම අඩු වනවා වෙනුවට  දුප්පත්කම වර්ධනය වෙමින් පවතින බවය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ලෝකයේ අසාර්ථකම දිළිඳු වැඩ සටහන සමෘද්ධියලු | Lanka Newsweek