අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ලෝකඩ පදක්කම හිමිකරගත් පාරමීට රජයෙන් නිවාස දෙකක්..!

ලෝකඩ පදක්කම හිමිකරගත් පාරමීට රජයෙන් නිවාස දෙකක්..!

(ජයකාන්ත ලියනගේ) ආජන්ටිනාවේ පැවැති තුන්වන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ලෝකඩ පදක්කමක් හිමිකර ගනිමින් ශ්‍රී ලංකාවට මහත් අභිමානයක් ගෙනදුන් පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට නිවාස දෙකක් අලූතින්…

(ජයකාන්ත ලියනගේ)

ආජන්ටිනාවේ පැවැති  තුන්වන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී  ලෝකඩ පදක්කමක් හිමිකර ගනිමින් ශ්‍රී ලංකාවට මහත් අභිමානයක් ගෙනදුන් පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට නිවාස දෙකක් අලූතින් ඉදිකර දීමට රජය තීරණය කර තිබේ.

ඒ බව අද (21) පෙරවරුවේ පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවගේ හලාවත, ඉරණවිල පිහිටි නිවසට ගිය වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා දැනුම් දී තිබේ.

නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බවද පාලිත රංගේ බණ්ඩාර මහතා පාරමි ක්‍රීඩිකාව හා ඇයගේ දෙමාපියන් හමුවේ ප්‍රකාශ කර ඇත.

මෙම පහසුකමට අමතරව ඇය දැනට ජිවත්වන හලාවත, ඉරණවිල පිහිටි නිවස දින 10 ක් ඇතුලත රජයේ වියදමින් අලූත් වැඩියාකර දීමටද රජය තීරණය කර තිබෙන බවත් ලබන 30 දා කරුවලගස්වැව නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීමේදී ඇයට නව නිවසක් බාර දීමට කටයුතු කරන බවත් අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

ලෝකඩ පදක්කම හිමිකරගත් පාරමීට රජයෙන් නිවාස දෙකක්..!

ඇය හා දෙමාපියන්ගේ ආර්ථික දුෂ්කරතාව ඇගේ ඉදිරි ගමනට ඇති බලවත්ම බාධාව බවත් එයට විසදුමක් ලෙස පාරමී මාරිස්ටෙලා දැරියගේ අධ්‍යෘපන කටයුතු හා ක්‍රීඩා කටයුතු වෙනුවෙන් පුළුල් දායකත්වයක් ලබාදිය යුතු බවත් ඒ සදහා රජයේ අවධානය යොමු කරවීමටත් කටයුතු කරන බවද වැඩි දුරටත් මෙහිදී ප්‍රකාශ කළේය. ඒ සඳහා අගමැතිවරයා හා අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡා කර ස්ථිර විසඳුමක් ලබා දීමට පියවර ගන්නා බවත් එය අනිවාර්යෙන් ඉටුකරන බවටත් අමාත්‍යවරයා පොරොන්දු විය.

මෙහිදී අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාට ස්තූතිය පුදකරමින් අදහස් දැක්වූ පාරමී මාරිස්ටෙලා සිසුවිය මෙලෙස අදහස් පල කළාය.

මට අද හරිම සතුටුයි. මං වෙනුවෙන් රජය ලොකු දායකත්වයක් ලබා දීමට ඉදිරිපත් වීම ගැන. ඒ වගේම මගේ අම්ම තාත්තට මෙන්ම රටටත් මගෙන් තවත් යුතුකම් බලාපොරොත්තු වෙන්න මෙය හේතුවක් වේවි. ඒ වගේම මගේ ඔලිම්පික් සිහිනය සැබෑවක් කර ගන්නත් රටට කීර්තියක් ගෙන දෙන්නත් මේ දායකත්වයන් හේතු වේවි යැයිද ප්‍රකාශ කළාය.

මෙම අවසථාවට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ද සහභාගී විය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ලෝකඩ පදක්කම හිමිකරගත් පාරමීට රජයෙන් නිවාස දෙකක්..! | Lanka Newsweek