ලොව සාගරයක් මතින් දිවෙන දිගම පාලම විවෘත කෙරේ..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

හොංකොං සහ චීනයේ මැකාවු නගර යා කරමින් ඉදිකර ඇති ලෝකයේ සාගරයක් මතින් දිවෙන දිගම පාලම අද (23) විවෘත කෙරේ. අමෙරිකානු ඩොලර් බිලියන 20 ක වියදමින් ඉදි කෙරුණු මෙම පාලම විවෘත කිරීමේ අවස්ථාවට චීන ජනපති ෂී.…
හොංකොං සහ චීනයේ මැකාවු නගර යා කරමින් ඉදිකර ඇති ලෝකයේ සාගරයක් මතින් දිවෙන දිගම පාලම අද (23) විවෘත කෙරේ.
අමෙරිකානු ඩොලර් බිලියන 20 ක වියදමින් ඉදි කෙරුණු මෙම පාලම විවෘත කිරීමේ අවස්ථාවට චීන ජනපති ෂී. ජින්පිං සහභාගිවීමට නියමිත අතර ජනතාවට විවෘත කිරීම හෙට (24) සිදුවීමට නියමිතයි.
ලෝකයේ සාගරයක් මතින් දිවෙන දිගම පාලම වන මෙය දිගින් කිලෝමීටර් 55 කි.
මෙම පාලම ඉදිකිරීම සඳහා වසර 09 ක් ගත වී ඇති අතර මෙහි වැඩ කටයුතු 2016 වසරේ නිම කිරීමට සැලසුම් කර තිබුන ද 2018 වසර දක්වා මෙහි ඉදිකිරීම් සිදු කර ඇති බව සඳහන් ය.
මෙම පාලම ඉදිකිරීමත් සමග චීනයේ මැකාවු සහ හොංකොං අතර ගමන් කිරීමට ගත වන කාලය පැය 03 යි මිනිත්තු 30ක් දක්වා අඩු වන බව බලධාරීන් සඳහන් කරයි.
කෘත්රීම දූපතක් යා කරමින් දිවෙන උමගක් හරහා ද මෙම පාලම ගමන් කිරීම විශේෂත්වයකි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1