අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ලොව වයස්ගතම සුමාත්‍රා ඔරං ඔටං "නිහතමානී, ගෞරවනීය කාන්තාව" සමුගනියි

ලොව වයස්ගතම සුමාත්‍රා ඔරං ඔටං "නිහතමානී, ගෞරවනීය කාන්තාව" සමුගනියි

ඕස්ට්‍රේලියාවේ සත්වෝද්‍යානයක ජීවත් වූ දැනට වාර්තා වී ඇති ලොව වයස්ගතම සුමාත්‍රා ඔරං ඔටං මිය ගොස් තිබේ. 62 හැවිරිදි වියේ දී මියගිය ඇයට දරු මුනුබුරන් 54 දෙනෙකු සිටී. පර්ත් නුවර සත්වෝද්‍යානයේ "ගරුගාම්භීර…

ඕස්ට්‍රේලියාවේ සත්වෝද්‍යානයක ජීවත් වූ දැනට වාර්තා වී ඇති ලොව වයස්ගතම සුමාත්‍රා ඔරං ඔටං මිය ගොස් තිබේ. 62 හැවිරිදි වියේ දී මියගිය ඇයට දරු මුනුබුරන් 54 දෙනෙකු සිටී.

පර්ත් නුවර සත්වෝද්‍යානයේ "ගරුගාම්භීර වයසක කාන්තාව" ලෙස හඳුන්වන ලද පුවාන්, වයස්ගත වීමෙන් ඇතිවන සංකූලතා හේතුවෙන් සඳුදා (ජූනි 18) අනායාස මරණයට ලක් කර ඇත.

ඇය 1968 සිට මෙම සත්වෝද්‍යානයේ සාමාජිකයෙකුව සිටි අතර, 2016 දී ඇයගේ වර්ගයේ ජීවත්ව සිටින ලොව වයස්ගතම ඔරං ඔටං ලෙසට ගිනස් වාර්තාවලට නිල වශයෙන් ඇතුළත් කරන ලදි.වඳවීයාමේ තර්ජනයට මුහුණ පා සිටින සුමාත්‍රා ඔරං ඔටං වනයේදී වසර පනහක් ජීවත් වන්නේ ඉතා කලාතුරකින් බව සත්වෝද්‍යාන නිලධාරීහු පවසති.

1956 දී ඉන්දුනීසියාවේ සුමාත්‍රා ප්‍රදේශයේ වනාන්තරයක උපත ලබා ඇති බවට විශ්වාස කරන පුවාන්, දරුවන් 11 දෙනෙකු ඇතුළු ඔවුන්ගෙන් පැවත එන 54 දෙනෙකුගෙන් සෑදුණු "අපූරු පරම්පරාවක්" දායාද කර නික්ම ගොස් ඇත. මෙම දරු මුනුබුරන් එක්සත් ජනපදය සහ යුරෝපය ඇතුළු විවිධ ස්ථානවල ජීවත් වන බව සත්වෝද්‍යානය භාර නිලධාරීහු පැවසූහ.

පුවාන්ගේ පරම්පරාවෙන් පැවත එන සමහර ඔරං ඔටං නැවතත් සුමාත්‍රා වෙත මුදා හැර ඇති බව ඔවුහු සඳහන් කළහ.

 Rare species - Sumatra Orangutanලෝක වනජීවී අරමුදලට අනුව, දැනට ජීවත්ව සිටින්නේ සුමාත්‍රා ඔරං ඔටං 14,600 ක් පමණ.පුවාන් ගේ ප්‍රධාන සත්වෝද්‍යාන පාලිකාව විසින් අඟහරුවාදා බටහිර ඕස්ට්‍රේලියානු පුවත්පතක ඇය පිළිබඳ මතක සටහනක් තබා තිබිණ.

"වසර ගණනාවක් ගත වෙන විට පුවාන් ගේ ඇහිබැමි සුදු වෙන්න පටන් ගත්තා. ඇයගේ ක්‍රියාකාරකම් මන්දගාමී වූ අතර ඇය සිහිමඳ ගතියෙන් පෙලෙන්න පටන් ගත්තා," යනුවෙන් මාටිනා හාර්ට් එහි සටහන් කර තිබුණි.

"නමුත් ඇය සැමදාම සිටියේ නිශ්ශබ්ද, නිහතමානී සහ ගෞරවනීය කාන්තාවක් විදියට."

(BBC සිංහල සේවය)

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ලොව වයස්ගතම සුමාත්‍රා ඔරං ඔටං "නිහතමානී, ගෞරවනීය කාන්තාව" සමුගනියි | Lanka Newsweek