අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ලොව බුද්ධි ගලනය අධිකම රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක් වෙලා

ලොව බුද්ධි ගලනය අධිකම රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක් වෙලා

එහි අගය මේ වනවිට 8.4 දක්වා වැඩි වෙලා මේ බරපතළ තත්ත්වය පාලනය කිරීමට කඩිනම් වැඩ පිළිවෙළක් ඕනෑ සජිත් ප්‍රේමදාස ආණ්ඩුවට කියයි "Human Flight and Brain Drain Index" දත්තවලට අනුව, 2007-2023 කාලසීමාවේ දී…

එහි අගය මේ වනවිට 8.4 දක්වා වැඩි වෙලා  

මේ බරපතළ තත්ත්වය පාලනය කිරීමට කඩිනම් වැඩ පිළිවෙළක් ඕනෑ 

සජිත් ප්‍රේමදාස ආණ්ඩුවට කියයි 

"Human Flight and Brain Drain Index" දත්තවලට අනුව, 2007-2023 කාලසීමාවේ දී බුද්ධි ගලනය අතින් ශ්‍රී ලංකාව 7.2 ක මට්ටමක පැවති නමුත් මේ වන විට එහි අගය 8.4 දක්වා ඉහළ ගොස් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී හෙළි කර සිටියේය. 

මේ දත්ත අනුව ලෝකයේ රටවල් 177 බුද්ධි ගලනයේ සාමාන්‍ය අගය පවතින්නේ 5.4 ක මට්ටමක බව පෙන්වා දෙන සජිත් ප්‍රේමදාස මහතා එසේ තිබිය දී ශ්‍රී ලංකාවේ බුද්ධි ගලනය මෙලෙස වැඩි වීම කෙරෙහි බලපා ඇති අභ්‍යන්තර සහ බාහිර හේතුන් පිළිබඳ දැඩිව අවධානය යොමු කළ යුතු යැයි ද සඳහන් කළේය.

ලොව බුද්ධිගලනය සිදු වන බොහෝ රටවල යුදමය තත්ත්වයක් ඇති නමුත් ශ්‍රී ලංකාවේ එවැනි තත්ත්වයක් නොතිබිය දී  පුරවැසියන් මෙසේ රට හැර යාමට හේතු වන සාධක නිශ්චිතව හඳුනා ගෙන වහාම ඊට සුදුසු ප්‍රතිකර්ම යෙදිය යුතු යැයි ද සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියේය.

දැන්වීම

විරැකියාව සේම ව්‍යවසායකත්වය සඳහා සුදුසු පරිසරයක් නොමැතිවීම, දුර්වල ආර්ථික-සමාජීය තත්ත්වය සහ දූෂණ, වංචා සහ අක්‍රමිකතා ඇතුළු හේතූන් මෙරට පුරවැසියන් අතර රට පිළිබඳ විශ්වසනීයත්වයක් නොමැතිවීමට හේතුවී ඇති ඇතැයි ද සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය. 

මේ හේතුවෙන් වෛද්‍ය, ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ, ගණකාධිකාරී සහ තාක්ෂණික ක්ෂේත්‍රවල වෘත්තිකයින් ප්‍රමුඛව රටේ වෘත්තිකයන් විශාල ප්‍රමාණයක් රට හැර ගොස් ඇතැයි පැවසූ සජිත් ප්‍රේමදාස මහතා මෙම තත්ත්වය පාලනය නොකළ හොත් ශ්‍රී ලංකාවට ද අත් වනු ඇත්තේ ඉරානය, උතුරු කොරියාව සහ මියන්මාරය වැනි රටවලට අත්ව තිබෙන ඉරණම යැයි ද අනතුරු ඇඟවීය. 

1974 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමයේ මෙරට බුද්ධි ගලනයක් සිදු වුවත්, විශේෂ කමිටුවක් පත් කර ඒ සම්බන්ධයෙන් හේතු සොයා බැලූ ආකාරය සිහිපත් කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, කෙසේ නමුත් වත්මන් ජනාධිපතිවරයා ප්‍රධාන රජය එවැනි සොයා බැලීමකට අවධානය යොමු කර නොමැති බවටද චෝදනා කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ලොව බුද්ධි ගලනය අධිකම රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක් වෙලා | Lanka Newsweek