ලොව පුරා අසාමාන්‍ය ගිගුරුම් හඬවල් 64ක් වාර්තා වෙයි..
(හේමන්ත තුෂිත කුමාර) 2017 වසරේදී පමණක් සාමාන්‍ය ජනතාව පමණක් නොව විද්‍යාඥයින්ද මවිත කරවන ආකාරයෙන් ලොවපුරා ඇසුණු ගිගුරුම් හඬවල් 64ක් පිළිබඳව වාර්තා වේ. මේ සියල්ල ගුවන්යානා වල හෝ භූමිකම්පා වල ශබ්දය නොවන…
(හේමන්ත තුෂිත කුමාර)
2017 වසරේදී පමණක් සාමාන්‍ය ජනතාව පමණක් නොව විද්‍යාඥයින්ද මවිත කරවන ආකාරයෙන් ලොවපුරා ඇසුණු ගිගුරුම් හඬවල් 64ක් පිළිබඳව වාර්තා වේ. මේ සියල්ල ගුවන්යානා වල හෝ භූමිකම්පා වල ශබ්දය නොවන අතර,සුපර්සොනික් ගුවන්යානයකින් නැගෙන ශබ්දයට සමාන ශබ්ද වේ. ශබ්ද ඇසී ඇත්තේ මැද පෙරදිග කලාපයේ සිට ඕස්ට්‍රේලියානු කලාපය අතර ප්‍රදේශ වලය. නවතම ශබ්දය ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රදේශයේදී පසුගිය සතියේදී ඇසෙන්නට විය. මේ පිලිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයින් මවිත වී සිටින අතර මේ ශබ්ද මොනවාදැයි හරි හැටි අදහසක් ඔවුන්ට නැත.
එහෙත් ඔවුන් මේ පිළිබඳව අනුමාන කරන්නේ.
දැන්වීම
1.ශබ්දය නිසා ඇතිවන ගිගුරුම්
2.යුධ පර්යේෂණ නිසා ඇතිවන ගිගුරුම්
3.බෝම්බ නිෂ්ක්‍රිය කිරීම් වල ප්‍රතිපලයක් ලෙස ඇතිවන ගිගුරුම්
4.කාලගුණ විපර්යාස නිසා ඇතිවන ගිගුරුම්
5.උල්කාපාත නිසා ඇතිවන ගිගුරුම්
6.ශබ්දය ඉක්මවා යන ගුවන්යානා මගින් ඇතිවන අතුරු ප්‍රතිපල නිසා ඇතිවන ගිගුරුම්
හෝ
7.පිටසක්වල ජීවීන්ගේ ක්‍රියාකාරකම් නිසා ඇතිවන ගිගුරුම් බවය.