ලොරියක් පෙරලීමෙන් දෙදෙනෙක් මරුට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

බලංගොඩ ශෛලතලාරාමය අතුරු මාර්ගයේදී ලොරියක් පෙරළීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇත. ලොරිය කඳු සහිත ප්රදේශයක ගමන් කිරීමේදි රියැදුරු පාලනයෙන් මිදී එය පසු පසට ධාවනය වී ඇති අතර එය නැවත්වීම සඳහා රෝදවලට…
බලංගොඩ ශෛලතලාරාමය අතුරු මාර්ගයේදී ලොරියක් පෙරළීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇත.
ලොරිය කඳු සහිත ප්රදේශයක ගමන් කිරීමේදි රියැදුරු පාලනයෙන් මිදී එය පසු පසට ධාවනය වී ඇති අතර එය නැවත්වීම සඳහා රෝදවලට ආධාරක තැබීමේදී එය පෙරලි මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙම අනතුරින් තවත් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා ඇති අතර ඔවුන් දෙදෙනා මේ වන විට රෝහල් ගතකර ඇත.
මිය ගොස් ඇත්තේ 57 හා 38 හැවිරිදි බලන්ගොඩ කිරිදිගල හා මුගුණමලේ ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1