අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ලූකා වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගනී..!

ලූකා වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගනී..!

අන්තර් ජාතික පාපන්දු සම්මේලය මඟින් පවත්වනු ලබන වාර්ෂික සම්මාන රාත්‍රිය අතිඋත්කර්ෂවත් අයුරින් ඊයේ (24) රාත්‍රීයෙදී පැවැත්විණ. 2018 වසරේ ලෝක පාපන්දු අනුශුරතාව හිමිකරගත් ක්‍රොඒශීයා කණ්ඩායමට නායකත්වය ලබා…

අන්තර් ජාතික පාපන්දු සම්මේලය මඟින්  පවත්වනු ලබන වාර්ෂික සම්මාන රාත්‍රිය අතිඋත්කර්ෂවත් අයුරින් ඊයේ (24)  රාත්‍රීයෙදී පැවැත්විණ.

2018 වසරේ ලෝක පාපන්දු අනුශුරතාව හිමිකරගත් ක්‍රොඒශීයා කණ්ඩායමට නායකත්වය ලබා දුන් ලූකා මොඩ්රිච් විසින්  වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දින ගත්තේ ය.එය පැවැත්වුනේ එංගලන්තයේ ලන්ඩන් නුවරදීයි.

ඒ සඳහා ලොව පුරා සිටින විශිෂ්ට පාපන්දු ක්‍රීඩක ක්‍රීඩීකාවන්, පුහුණුකරුවන් ඇතුළු විශාල පිරිසක් සඳහා සහභාගී වූහ.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් වාර්ෂිකව පිරිනමන හොඳ ම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය මෙවරත් සුපුරුදු පරිදි පිරිනැමිණ.

මෙම සම්මානය සඳහා ක්‍රොඑශියා පාපන්දු කණ්ඩායමේ නායක ලූකා මොඩ්රිච් , ඊජිප්තුවේ මොහොමඩ් සාලා හා පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඇතුළු පාපන්දු ක්‍රීඩකයන්ගේ නම් ද එම සම්මානය සඳහා නිර්දේශ වී තිබුණු අතර ඔවුන් තිදෙනා අතුරන් ක්‍රොඑශියා පාපනදු කණ්ඩායමේ හා රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක ලූකා මොඩ්රිච්ට අන්තර් ජාතික  පාපන්දු සම්මේලනයේ වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානයදිනා ගැනීමට සමත් විය.

මොඩ්රිච් රියාල් මැඩ්රිඩ් කණ්ඩායම නියෝජනය කරමින් චැම්පියන්ස් ලීග් පාපන්දු ශුරතාව හිමිකර ගත් අතර නිමාවට පත්වූ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ක්‍රොඑශියා කණ්ඩායම අවසන් මහා සටන කරා ගෙන ඒමට විශාල මෙහෙයක් සිදු කළේ ය .

කෙසේ වෙතත් මෙම සම්මාන උළෙල සඳහා වසරේ පාපන්දු ක්‍රීඩකායට හිමි සම්මානය සඳහා නිර්දේශ වූ මොහොමඩ් සාලා හා ලූකා මොඩ්රිච් පමණක් පැමිණ සිටි අතර පෘතුගාලයේ ක්‍රිස්ටියානේ රෝනාල්ඩෝ පැමිණ නොසිටියේය.

මෙම සම්මාන රාත්‍රීයේදී වසරේ පාපන්දු ක්‍රීඩිකාවට හිමි සම්මානයට හිමිකම් කිවේ බ්‍රසීල පාපන්දු ක්‍රීඩිකා මර්ටා වියෙරාඩා සිල්වා යි.

මෙවර පාපන්දු ලෝක කුසලානය හිමිකර ගත් ප්‍රංශ පාපන්දු කන්ඩායමේ පුහුණුකරු ඩිඩියර් ඩිස්චැම්ප්ස් වසරේ පාපන්දු පුහුණුකරුට හිමි සම්මානය හිමිකර ගත් අතර වසරේ හොඳ ම ගෝලයට හිමි සම්මානය හිමිවුනේ ඊජිප්තුවේ මොහොමඩ් සාලාටයි.

වසරේ පාපන්දු ප්‍රේක්ෂකයාට හිමි සම්මානය හිමිකර ගත්තේ පේරූ ජාතික දිරිගන්වන්න්ටයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ලූකා වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගනී..! | Lanka Newsweek