අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ලැව් ගිනිවලින් විපතට පත් ඕස්ට්‍රේලියානුවන්ට ජනපති කණගාටුව පළ කරයි

ලැව් ගිනිවලින් විපතට පත් ඕස්ට්‍රේලියානුවන්ට ජනපති කණගාටුව පළ කරයි

සියලු ලෝ වැසියන්ගේ සහයෙන් ව්‍යසනය සමනය කර ගනිමු..! ඕස්ට්‍රේලියානුවන් මුහුණ දෙමින් සිටින ඉතිහාසයේ දරුණුතම ලැව් ගිනි විපතෙන් ජීවිත අහිමි වූ සහ පීඩාවට පත් වූ සැමටත්,ඒ අයගේ පවුල් වෙතත් සිය බලවත් ශෝකය පළ…

සියලු ලෝ වැසියන්ගේ සහයෙන් ව්‍යසනය සමනය කර ගනිමු..!

ලැව් ගිනිවලින් විපතට පත් ඕස්ට්‍රේලියානුවන්ට ජනපති කණගාටුව පළ කරයි

ඕස්ට්‍රේලියානුවන් මුහුණ දෙමින් සිටින ඉතිහාසයේ දරුණුතම ලැව් ගිනි විපතෙන් ජීවිත අහිමි වූ සහ පීඩාවට පත් වූ සැමටත්,ඒ අයගේ පවුල් වෙතත් සිය බලවත් ශෝකය පළ කර සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එමෙන්ම මේ ලැව් ගිනි හේතුවෙන් සිදුව ඇති පරිසර සහ සත්ත්ව විනාශය සිය සංවේගය පළ කර සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලොව සෑම සියලු ජන කොටසකගේම සහය ඇතිව මේ ව්‍යසනය ඉක්මනින්ම සමනය කර ගත හැකි වනු ඇතැයි තමා විශ්වාස කරන බව ද සඳහන් කරයි.

ඔස්ට්‍රේලියාව සහ එරට ජනතාව මුහුණ දී සිටින මේ විපත්කාරී තත්ත්වය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව කියා සිටින්නේ සිය නිල "ෆේස් බුක්" පිටුවේ විශේෂ සටහනක් තබමිනි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ලැව් ගිනිවලින් විපතට පත් ඕස්ට්‍රේලියානුවන්ට ජනපති කණගාටුව පළ කරයි | Lanka Newsweek