ලැජ්ජාව වහා ගන්න සරම උස්සලා මුහුණ වහා ගන්න ආණ්ඩුවක් දැක්මයි

මේ ආණ්ඩුවෙන් ළුණු ගෙඩියකින්වත් ජනතාවට සහනයක් නැහැ "Cost Cutting" කියලා සයිප්‍රසය ඇතුළු රටවල කන්සියුලර් කාර්යාල වසා දැමීම තරයේ හෙළා දකිනවා "Cost Cutting" කියලා සයිප්‍රසය ඇතුළු රටවල් කිහිපයක කන්සියුලර්…
මේ ආණ්ඩුවෙන් ළුණු ගෙඩියකින්වත් ජනතාවට සහනයක් නැහැ
"Cost Cutting" කියලා සයිප්‍රසය ඇතුළු රටවල කන්සියුලර් කාර්යාල වසා දැමීම තරයේ හෙළා දකිනවා
"Cost Cutting" කියලා සයිප්‍රසය ඇතුළු රටවල් කිහිපයක කන්සියුලර් කාර්යාල වසා දැමීමට පියවර ගනිමින්, ආණ්ඩුව කරන්නේ ලැජ්ජාව වසා ගැනීමට සරම උස්සලා මුහුණ වසා ගන්නවා වගේ වැඩක් යැයි "එතෙර අපි" සංවිධානයේ භාණ්ඩාගාරික නීතිඥ ජානක අධිකාරි මහතා චෝදනා කර සිටියි.
ජනතා විමක්ති පෙරමුණේ මූලස්ථානයේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් මේ චෝදනාව එල්ල කළ "එතෙර අපි" සංවිධානයේ භාණ්ඩාගාරික නීතිඥ ජානක අධිකාරි මහතා එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ ද කීය.
ආණ්ඩුව "Cost Cutting" කියලා සයිප්‍රසය ඇතුළු රටවල් කිහිපයක කන්සියුලර් කාර්යාල වහලා දාන්න තීරණය කර තිබෙනවා. ආණ්ඩුවට වියදම් කපා හරින්න ගන්න තියෙන එකම තීන්දුව මේ තීන්දුවද..? විනාඩි 45ක් පැයක් ඇතුළත රටේ ඕනෑම තැනකට හෙලිකොප්ටරයකින් යන්න පුළුවන්කම ජනාධිපතිවරයාට තියෙද්දී, රට පුරා ජනාධිපති මන්දිර ගණනාවක් නඩත්තු කරනවා. එම ජනාධිපති මන්දිර වහලා දාන්න බැරිද..?
දැන්වීම
ඇමතිවරුන් සිය සැප පහසුව වෙනුවෙන් වාහන, නිල නිවාස සහ විශ්‍රාම වැටුප් සඳහා ලක්‍ෂ ගණනාවක් වියදම් කරනවා. ඒ වියදම් නතර කරන්න බැරිද..? එසේ තිබියදී ශ්‍රී ලංකික ජනතාවට පහසුකම් සපයන්න තිබෙන ආයතන වහලා දානවා නම් ආණ්ඩුව කරන්නේ ලැජ්ජාව වහ ගන්න සරම උස්සලා මුහුණ වහ ගන්නවා වගේ වැඩක් නෙවෙයිද..? සිය හෙළුව ලෝකයටම ප්‍රදර්ශනය වනවා කියලා ආණ්ඩුවට තේරෙන්නේ නැද්ද..?
සයිප්‍රසයේ කන්සියුලර් කාර්යාලයේ හිටියේ සේවකයින් හය දෙනයි. මේ සේවකයින් හය දෙනා නඩත්තු කර ගන්න ආණ්ඩුවට බැරිද..? මේ කන්සියුලර් කාර්යාලය වහලා දැම්මාම සයිප්‍රසයේ ඉන්න ශ් රීලාංකිකයින්ට සිය ප්‍රශ්න විසඳා ගන්න යන්න වෙන්නේ ඉතාලියේ තානාපති කාර්යාලයටද..? මේ වගේ තත්ත්වයක් තියෙද්දී පසු ගිය දවස්වල කැබිනට් මණ්ඩලයේ තීරණයයක් ගත්තා "Liechtenstein" කියන ජන ගහනය 38,000ක් පමණ සිටින වර්ග කිලෝ මීටර් 165ක් පමණ වන ඉතාම කුඩා රටක තානාපති සබඳතා ආරම්භ කරන්න ඕනෑ කියලා. මේ රටත් ස්වාසිලන්තය වගේ ඉතාම සහනශීලී බදු ප්‍රතිපත්ති තියෙන රටක්. ඒ වගේ රටක බදු සහන ඕනෑ වෙන්නේ කවුරුන්ට..? අපේ රටේ ජනතාවට ඒ වගේ රටක බදු සහන ඕනෑ වෙනවද..? නමුත් ශ්‍රී ලාංකිකයින් 15,000ක් පමණ ඉන්න සයිප්‍රසයේ කන්සියුලර් කාර්යාලය වහලා දාන්න හදනවා.
මේ වෙන කොට මහින්දානන්ද අලුත්ගමගේලා රට ගිහිල්ලා. මුදල් ඇමති රට ගිහිල්ලා. මේ ඇමතිවරුන් රට යන කොට ඒ රටවල්වල ශ්‍රී ලාංකික තානාපති කාර්යාල මොන තරම් වියදමක් ඒ ඇමතිවරුන් වෙනුවෙන් කරනවාද..? ඇමතිවරුන් Toilet එකට යන ගාස්තු පවා ගෙවන්නේ මේ රටේ ජනතාවගේ බදු මුදලින්. "Cost Cutting' නම් මේ වියදම් නතර කරන්න ඕනෑ. ඒක ඉතාම අසාධාරණ තීරණයක්. සයිප්‍රසය ඇතුළු රටවල් කිහිපයක කන්සියුලර් කාර්යාල වසා දැමීමට ආණ්ඩුව තීරණය කළේ ශ්‍රී ලාංකිකයින් අපහසුතාවයට පත් කිරීමටයි. ශ්‍රී ලාංකික ජනතාව අපහසුතාවයට පත්කිරීම මේ ආණ්ඩුවේ විනෝදාංශය බවට පත් වෙලා.
කෘෂිකර්මාන්තය දිහා බැලුවත් එහෙමයි. අනෙකුත් කර්මාන්ත දිහා බැලුවත් එහෙමයි. තෙල්වලිනුත් සහහනයක් නැහැ, සීනිවලින් තබා ළුණු ගෙඩියෙන්වත් මේ රටේ ජනතාවට සහනයක් නැහැ. මේ ආණ්ඩුවට වැඩ පිළිවෙළක් නැති නිසා ශ්‍රී ලංකාවේ රස්සාවක් හොයා ගන්න බැරුව විදේශ රටවලට ගිය ශ්‍රී ලාංකිකයින්ටත් දෙන්න තියෙන අවම සහනයත් මේ ආණ්ඩුව කපලා දානවා. ඒනිසා අපි ආණ්ඩුවට බල කරනවා මේ වගේ බංකොළොත් තීරණ ගෙන රටවල්වල තියෙන කන්සියුලර් කාර්යාල වහලා දාන්න එපා කියලා.