ලාල් කාන්තට රන්වල හොඳ වෙද්දී - නලින්ද විනය පරීක්ෂණයක් ඉල්ලයි

අශෝක රන්වල මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීය යුතු බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. සඳුදා (15) පැවති දෙරණ 360 වැඩසටහනේදී මාධ්‍යවේදී කළිඳු කරුණාරත්න විසින් දිගින් දිගටම සිදු කරන ලද ප්‍රශ්න…
අශෝක රන්වල මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීය යුතු බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
සඳුදා (15) පැවති දෙරණ 360 වැඩසටහනේදී මාධ්‍යවේදී කළිඳු කරුණාරත්න විසින් දිගින් දිගටම සිදු කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ රන්වල මහතාගේ උපාධි සහතිකය සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.
ඒ කළිඳු කරුණාරත්න විසින් මීට වසරකට පෙර කැබිනට් හමුවකදී රන්වලගේ උපාධි සහතිකය පිළිබඳව නලින්ද ජයතිස්ස විසින් සිදු කරන ලද ප්‍රකාශයක් උපුටා දැක්වීමෙන් අනතුරුවයි. එම වීඩියෝවෙදී නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ රන්වල ඉතා ඉක්මනින් උපාධි සහතිකය ඉදිරිපත් කරන බවයි.
දැන්වීම
කෙසේ නමුත් අමාත්‍ය නලින්ද, රන්වලගේ රිය අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ඔහු බීමතින් නොසිටි බවට ආණ්ඩුව විස්වාස කරන බවයි.
