ලාලගේ කයිය විතරයි..?

" කෘෂිකර්මාන්තය කඩා වැටුණු රටක අල ලූනු මිල පිළිබඳ සාකච්ඡාවක් මතු වීමෙන් නැවත ගොවියා වගා කටයුතු සඳහා සාර්ථක ලෙස පිවිසිලා තීයනවා ඒ අර්ථයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය සාර්ථකයි.පාරිභෝගික ජනතාවට අල ලූනු මිල…
" කෘෂිකර්මාන්තය කඩා වැටුණු රටක අල ලූනු මිල පිළිබඳ සාකච්ඡාවක් මතු වීමෙන් නැවත ගොවියා වගා කටයුතු සඳහා සාර්ථක ලෙස පිවිසිලා තීයනවා ඒ අර්ථයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය සාර්ථකයි.පාරිභෝගික ජනතාවට අල ලූනු මිල පිළිබඳ ප්‍රශ්නයක් නැති උනත් ගොවි ජනතාවට ගැටලුවක් තියනවා.
ඊළඟ අවුරුද්දේ ලූනු කිලෝවක් සඳහා රු. 150ක ද අල කිලෝවක් සඳහා රු. 240ක ද අවම මිලක් නියම කරනවා. විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ පාරිභෝගික ජනතාව ද ලූනු කිලෝවක් රු.200කට ද අල කිලෝවක් රු.300කට ද කෙඳිරි නොගා මිලට ගැනීමට සූදානම් වෙන්න.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්,වාහන සහ පහසුකම් මදි නම් තෘප්තිමත් රාජ්‍ය සේවයක් ගොඩනැඟීමට කටයුතු කිරීමට සිදුවෙනවා. එහෙම නැතිව ගොවි ගැටලු ඇති ජනතා ගැටලු සඳහා විසඳුම් ලබාදෙන්න බෑ."
දැන්වීම
කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත.
■ රටේ රාළගේ සටහන.
ප්‍රගතිශීලී යැයි කියපු ලාල්කාන්තගේ ප්‍රගතිශීලීකම රෙද්ද පල්ලේ බේරෙනවා. ගොවියාගේ බඩගින්නට උත්තරය ලබන අවුරද්දේ හදන්නම් කියන ලාල් කාන්ත කොහේවත් නොතිබුණ ඩබල් කැබ් යෝජනාවක් ගෙනැල්ලා වංචනික විදිහට දැන් ටෙන්ඩරය වහලත් ඉවරයි.
පැලවත්තේ තක්කඩි උවමනාව සාධාරණ කරන්න පුළුවන් තවත් තක්කඩියෙකුට විතරයි. ගොවීන් ඇතුළු රටේ ජනතාව අන්ත අසරණ වෙලා ඉන්දැද්දී තමන්ගේ කාඩර්වරුන්ට වාහන ගැනත් දෙන්න යෝජනා කරන්න මහජන නියෝජිතයින්ට පුළුවන්ද?
ගොවියෝ පහුගිය දවසක පොල් ගැහුවේ කෘෂිකර්ම ඇමතිට හෙන ගහපන් කියලා. ඒ සියලු දෙනා මාලිමාව බලයට ගේන්න මහන්සි උන අය. ලංකා ඉතිහාසයේ මේ දක්වා පහල උන දුර්වලම කෘෂිකර්ම ඇමති ලාල් කාන්ත.
කයිවාරුව විතරයි.