ලාබෙට බඩු-අවුරුදු මරු
(සුජිත් මංගල ද සිල්වා) උත්සව සමයේ ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රාජ්‍ය සහ පුද්ගලික අංශය එකට එක් වුණේ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගම්පහ දී අද(15) හෙළි කළේය රනිල්…
(සුජිත් මංගල ද සිල්වා)
උත්සව සමයේ ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රාජ්‍ය සහ පුද්ගලික අංශය එකට එක් වුණේ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගම්පහ දී අද(15) හෙළි කළේය
රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැහැදිලි කළේ ගම්පහ නගරයේ ඉදිකරන ලද බස් නැවතුම්පොළ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
දැන්වීම
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.
අද රටේ ප්‍රධාන ප්‍රශ්නය වී තිබෙන්නේ ජීවන වියදමයි. ජීවන වියදම ශීඝ්‍රයෙන් ඉහල යාමට අපේ රටේ වර්තමානයේ ඇති වී තිබෙන දේශගුණික රටාවද එක් හේතුවක්. කළට වේලාවට මෝසම් වැසි නොලැබීම හරහා ඇතැමුන්ගේ වගා අත්හැර දැමීමට සිදු වූ අතර වගාකිරීමේ කාලයන් ද වෙනස් වුණා. වගා ආශි්‍රත නිෂ්පාදන කටයුතු කාල චක්‍රයක් මත හරියාකාරව සිදු නොවූ නිසා විවිධ ගැටළු ඇතිවුණා. මෙය පසුගිය වසර දෙක තුන තුළ ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රශ්නයක්. මෙය දීර්ඝ කාලීනව ශ්‍රී ලංකාවට බලපානවාද නැද්ද යන්න පිළිබදව දැන්ම අනාවැකි කීමට නොහැකියි. නමුත් අපේ රජය ඊට විසදුමක් ලෙස එළඹෙන සිංහල අලූත් අවුරුදු සමය වනතුරුම අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් සහන මිලට ජනතාවට ලබාදීමට තීරණය කර තිබෙනවා.
හාල්, පොල්, සහ එළවළු මිල ඉහල යාම අද විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා. රජයක් ලෙස අප ඊට විසඳුම් සෙවිය යුතුයි. නොවැම්බර්, දෙසැම්බර් පමණ වනවිට වී වගා කරන ප්‍රදේශවලට වැසි ලැබී සහල් අර්බූදය විසදෙනු ඇතැයි අප කල්පනා කළා. නමුත් එසේ සිදුවුණේ නැහැ. ඒ අනුව අප බලාපොරොත්තු වූ අස්වැන්න ලැබුණේ නැහැ. රටේ සහල් මිල ඉහල යාමට ප්‍රධාන කරුණ වූයේ එයයි. පසුගිය සඳුදා සහ අඟහරුවාදා දිනවල ජනාධිපතිතුමත්, මමත් ජීවන වියදම් පාලනය කිරීමේ කමිටුව හමුවී මේ පිළිබදව සාකච්ඡා කළා. රාජ්‍ය අංශයට ශ්‍රී ලංකාවේ සම්පූර්ණ ජනතාවට සහන ලබාදීමට අවශ්‍ය යාන්ත්‍රනයක් නොමැති නිසා එම සාකච්ඡාවලට පුද්ගලික අංශයත් කැදවීමට අප තීරණය කළා.
එම සාකච්ඡාවේදී සහල්, පරිප්පු, අල, ළූණු, සීනි, හාල්මැස්සන්, ටින් මාළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් සහන මිලකට ලබාදීමට තීරණය කෙරුණා. රට පුරා බෙදාහැරීමට, ඇසුරුම් කිරීමට යන වියදම නොසලකමින් සහන මිලට එම භාණ්ඩ ජනතාවට ලබාදීමටයි අප තීරණය කළේ. එසේ නම් සිංහල අලූත් අවුරුදු සමය වනතුරුම එවැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක් තොග මිලටම ජනතාවට ලබාදීමට අප තීරණය කර තිබෙනවා. සිංහල අලූත් අවුරුදු සමය උදාවන විට කාලගුණය යහපත් වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. ඒ කාලය වනතුරු ජනතාවට කුසගින්නේ සිටීමටවත්, ගැටළුවලට මුහුණ දීමටවත් අප ඉඩ තියන්නේ නැහැ.
මෙය වචනයෙන් පැවසීම ලෙහෙසියි. නමුත් මෙම වැඩකටයුතු ක්‍රියාවට නැංවීම සඳහා එම අදාල සමාගම් වෙත යම් යම් සහන ලබාදීමට රජයක් ලෙස අපට සිදුවෙනවා. මෙම වැඩකටයුතු සඳහා සතොස, කාගිල්ස්, ජෝන් කිල්ස්, රිචඩ් පීරිස්, ලාෆ්ස්, සිලෝන් බිස්කට් වැනි සමාගම් ගණනාවක් කැදවූවා. එම සමාගම් ඒ සඳහා එකඟතාවය පළ කළා. නමුත් මෙම සමාගම් හරහා බඩු භාණ්ඩ මිලදී ගන්නේ ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 30% පමණයි. එසේ නම් රටේ අනෙකුත් සිල්ලර වෙළෙඳසැල් සඳහා තොග මිලටම අලෙවි කිරීමට හැකි පරිදි මෙම භාණ්ඩ ලබාදීමේ වැඩසටහනක් සැකසිය යුතු වුණා. වෙනත් සමාගම් හෝ තමන්ගේ බෙදාහැරීමේ යාන්ත්‍රණයන් හරහා මෙම භාණ්ඩ ග්‍රාමීය ප්‍රදේශවලට ප්‍රවාහණය කිරිමට එම සමාගම් එකඟ කර ගැනීමට අපි කටයුතු කළා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රජය යටතේ ක්‍රියාත්මක වන සතොස ආයතනයත්, අනෙක් පුද්ගලික ආයතන සියල්ලත් එකට එකතු වී ජනතාවට සහනදායි මිලට භාණ්ඩ ලබාදීමේ වැඩකටයුත්ත ආරම්භ කර තිබෙනවා. කාගිල්ස් සමාගම ඊයේ දිනයේ සිය මිල අඩු කිරීමේ නිවේදනය ප්‍රකාශ කළා. තවත් කෙටි කාලයක් තුල ඔවුන්ගේ බෙදාහැරීමේ යාන්ත්‍රණය හරහා සිල්ලර වෙළෙඳසැල් දක්වාද එම භාණ්ඩ සහන මිලට බෙදාහැරීමට නියමිතයි. ඉදිරි සති දෙක තුල ග්‍රාමීය ප්‍රදේශවලට මෙම සහනය ලබාදෙන බවට අනෙක් සමාගම් සියල්ලද පොරොන්දු වුණා. ඊට අවශ්‍ය වැඩසටහන රජය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒවගේම මිලෙන් වැඩි භාණ්ඩ ආනයනය කිරීමටත්, අප එහිදී තීරණය කළා. එය මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා ප්‍රධාන කමිටුවකට භාරදී තිබෙනවා. ඒ අනුව රටේ ජීවන වියදම පාලනය කිරීම සඳහා ප්‍රධාන විසදුම් දෙකක් අප මේ වන විට ගෙන තිබෙනවා. ඒ හරහා බඩු මිල අඩුකිරීමටත්, ජනතාවට සහන මල්ලක් ලබාදීමටත් අපි කටයුතු කරනවා. ඒවගේම ජනවාරි මාසයේදී මෙම වැඩපිළිවෙල පිළිබදව ප්‍රගති සමාලෝචනයක් කරමින් එහි ඇති අඩුපාඩු සැකසීමට ද තීරණය කර තිබෙනවා.
ඒ අනුව රටේ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රාජ්‍ය සහ පුද්ගලික ඒකාබද්ධ ක්‍රම වේදයක් අපි යොදවනවා. රජයක් ලෙස සංවර්ධන වැඩකටයුතු සහ මැතිවරණ කටයුතු ද ඉටු කරන අතර තුර ජනතාවට සහන ලබාදීම ප්‍රධාන යුතුකම බව අපි අවබෝධ කරගෙන සිටිනවා.
චම්පික ඇමතිතුමා පැවසූ ආකාරයට බඩු භාණ්ඩ හරහා අයුතු ලාභයක් ඉපයීමට අපේ ආණ්ඩුවට අවශ්‍යතාවයක් නැහැ. ලෝකයේ බඩු මිල අඩු වන විට රටේ බඩු මිල අඩුකිරීමටත්, ලෝකයේ බඩු මිල වැඩි වන විට ඊට සාපේක්ෂව රටේ බඩු මිල වැඩිකිරීමටත් අපි සූදානම්. ඒවගේම ජනතාවට සහන ලබාදීමටත් අපේ රජය සූදානම්. එන වසරේ ආරම්භයේ සිට මේ සහන මල්ල ශ්‍රී ලංකාවේ සියළුම ග්‍රාමීය ප්‍රදේශ වෙත ලබාදීමට හැකිවෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ රජයේ සංවර්ධන වැඩකටයුතු යටතේ මෙම නව බස් නැවතුම්පොළ ඉදිකිරීමටත්, අද දිනයේ එය ජනතා අයිතියට පත්කිරීමටත් කටයුතු කළ සියලූම දෙනාට මම ස්තුති වන්ත වෙනවා.