අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ලසන්ත වික්‍රමතුංගට යුක්තිය ඉටු නොකළේ ඇයි..?

ලසන්ත වික්‍රමතුංගට යුක්තිය ඉටු නොකළේ ඇයි..?

බලධාරීන් වහාම කරුණු පැහැදිලි කළ යුතුයි රටේ නීතියෙහි ආධිපත්‍යය බිඳ වැටී ඇති තරම මේ සිද්ධියෙන් මනාව පැහැදිළි වේ ඔහුගේ මාධ්‍ය භාවිතය සැම විටම අයුක්තියට, අසාධාරණ්‍යට, දුෂණයට සහ බලකාමී අධිකාරීත්වයට ඒරෙහි…

බලධාරීන් වහාම කරුණු පැහැදිලි කළ යුතුයි 

රටේ නීතියෙහි ආධිපත්‍යය බිඳ වැටී ඇති තරම මේ සිද්ධියෙන් මනාව පැහැදිළි වේ 

ඔහුගේ මාධ්‍ය භාවිතය සැම විටම අයුක්තියට, අසාධාරණ්‍යට, දුෂණයට සහ බලකාමී අධිකාරීත්වයට ඒරෙහි විය  

යටපත් වී ඇති සියලු පරීක්ෂණ වහාම සක්‍රීය කරනු 

ලසන්ත වික්‍රමතුංගට යුක්තිය ඉටු කරනු  

"The Sunday Leader" ප්‍රධාන කර්තෘ ප්‍රවීන ජනමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාට යුක්කිය ඉටු නොවීමට හේතුව කුමක්ද යන්න පිළිබඳව බලධාරීන් නොපමාව පැහැදිලි කළ යුතුව ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ පුවත්පත් කතුවරයෙකු වූ ලසන්ත වික්‍රමතුංග මහතා අති අමානුෂික ආකාරයට ඝාතනය කර වසර 15ක් ගත වී ඇතත් ඊට අදාලව යුක්තිය ඉටු නොවිමෙන් පෙනී යන්නේ අප රට බංකොලොත්භාවයට පත්ව ඇත්තේ ආර්ථික වශයෙන් පමණක් නොවන බවය. 

පුරවැසියාට යුක්තිය ඉටු නොකරන හෝ විශේෂයෙන් ම වින්දිත ප්‍රජාවන්ට සාධාරණයක් ඉටු කිරීමට අපොහොසත් වන රටක් ප්‍රදර්ශනය කරන්නේ ඒකී රටේ හි නීතියෙහි ආධිපත්‍යය බිඳවැටී ඇති තරමය. ඒවැනි පරිසරයක් ඇති රටක දේශපාලන වියවුල් බව හා ආර්ථික බංකොලොත්භාවය අරුමයක් විය නොහැකිය. මට ඒ් බව සිහිපත් වූයේ ජනවාරි 08 වන දා බොරැල්ල කනත්තෙහි මිහිදන්ව සිටින ලසන්ත වික්‍රමතුංග මහතාට පුෂ්පෝපහාර දැක් වූ අවස්ථාවේහිදී ය.

දැන්වීම

ලසන්ත වික්‍රමතුංග මහතා මේ රට පතිරූප දේශයක් කරනු උදෙසා නිර්භීත ලෙස පෙනී සිටි ප්‍රමුඛ පෙළේ ජනමාධ්‍යවේදියෙකි. ඔහුගේ මාධ්‍ය භාවිතය සැම විටම අයුක්තියට, අසාධාරණ්‍යට, දුෂණයට හා බලකාමී අධිකාරීත්වයට ඒරෙහි වූ ඒකක් විය. ඔහු ඒ්වාට ඒරෙහිව පෙනී සිටියේ මාධ්‍යවේදියෙකු ලෙස ජනතාව දැනුවත් කරමිනි. ඒහි නියත ප්‍රතිඵලය වූයේ ඉතාමත්ම සාහසික අන්දමින් අධි ආරක්ෂක කලාපයක් තුළ මහා  දවාලේ ඝාතනයට ලක් වීමය.

අප අදට ද කම්පා වන්නේ ඒවැනි සාහසික ඝාතනයකට අදාලව පවා මේ දක්වා ම යුක්තිය ඉටු නොවී තිබීම නිසාය. ලසන්තට යුක්කිය ඉටු නොවීමට හේතුව බලධාරීන් නොපමාව පැහැදිලි කළ යුතු ව ඇත. ඒමෙන් ම යටපත් වි ඇති සියලු පරීක්ෂණ වහාම සක්‍රීය කරමින් ලසන්තට යුක්තිය ඉටු කිරීමට බලධාරීන් දැන්වත් පියවර ගත යුතුව ඇත. 
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ලසන්ත වික්‍රමතුංගට යුක්තිය ඉටු නොකළේ ඇයි..? | Lanka Newsweek