අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ලසන්ත ගුණවර්ධන අනා ගෙන නා ගත්ත “Viber” පණිවිඩය..!

සුදත්ගේ කාර්යාලය “සීල්” තැබුවාට අගමැති “සාගලට-විකීට” දෙහි කපයි..!

(සුමුදු පෙරේරා) එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන බළකායේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ අග්‍රාමාත්‍ය හිටපු පෞද්ගලික සහයක සුදත් චන්ද්‍රසේකර මහතාගේ සිරිකොත පිහිටි කාර්යාලයට සීල් තබා ඔහුගේ බඩු භාණ්ඩ රැගෙන යාමේ…

(සුමුදු පෙරේරා)

එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන බළකායේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ අග්‍රාමාත්‍ය හිටපු පෞද්ගලික සහයක සුදත් චන්ද්‍රසේකර මහතාගේ සිරිකොත පිහිටි කාර්යාලයට සීල් තබා ඔහුගේ බඩු භාණ්ඩ රැගෙන යාමේ සිද්ධියට තමා සම්බන්ධ නොමැති බව ලසන්ත ගුණවර්ධන නමැත්තකු  “Viber” පණිවිඩයක් මගින් “lankanewsweek” වෙත  කරුණු දක්වමින් කියා සිටියි.

මේ ක්‍රියාවලිය සඳහා තරුණ කටයුතු අමාත්‍ය  සාගල රත්නායක මහතා  හෝ අග්‍රාමාත්‍ය පෞද්ගලික  සහයිකා  සැන්ද්‍රා පෙරේරා මහත්මිය  උපදෙස් නොදුන් බව ද ලසන්ත ගුණවර්ධන නැමැත්තා සඳහන් කරයි.

දැන්වීම

කර්තෘ සටහන 

කෙසේ නමුත් සාගල රත්නායක මහතා සහ සැන්ද්‍රා පෙරේරා මහත්මිය වෙනුවෙන් මෙසේ ප්‍රකාශයක් නිකුත් කිරීමට තමාට තිබෙන අයිතය සහ බලය කුමක් ද යන්න පිළිබඳව ද තමා ඒ දෙපොළගේ කිනම් නිලධාරියකු ද යන්න පිළිබඳව සහ ඒ දෙදෙනා මේ ක්‍රියාවට උපදෙස් නොදුන් බව තමා දන්නේ කෙසේ ද යන්න පිළිබඳව ද ලසන්ත ගුණවර්ධන නැමැත්තා  සිය“Viber” පණිවිඩයේ කිසිදු සඳහනක් කර නොමැත.

ලසන්ත ගුණවර්ධන කියන ආකාරයට අනුව අරලිය ගහ මන්දිරයේ සැලසුම් අධ්‍යක්ෂක විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති හරිචන්ද්‍ර වික්‍රමසිංහ මහතාගේ කණ්ඩායම  සිරිකොතට කඩා වැදී මේ කියන කාර්යාලයට සීල් තබා එහි තිබූ බඩු භාණ්ඩ රැගෙන ගොස්  තිබෙන්නේ  කිසිවකුගේ අනුමැතියකින්,උපදේශයකින් සහ අවසරයකින් තොරවය.

ලසන්ත ගුණවර්ධන කියන මේ කතාව ඇත්ත නම් එමගින් තහවුරු වන්නේ ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වටා සිටින කණ්ඩායම ඔහුගේ අනුමැතියකින් සහ අවසරයකින් තොරව ඔහුගේ නම විකුණමින් සහ බලය අයුතු ලෙස පාවිච්චි කරමින්  සිය අභිමතය මත පමණක් ක්‍රියා කරන බවට එක්සත් ජාතික පාක්ෂිකයින් කරන චෝදනාව සත්‍ය බවය.

එමෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඔහුට දොස් නොපැවරූ බව ද ඔහු සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා නොකළ බව ද ලසන්ත ගුණවර්ධන කියා සිටියි.

ඔහු කියා සිටින මේ කතාවත් ඇත්ත නම් සහ  “lankanewsweek” කණ්ඩායම පළ කළ ප්‍රවෘත්තිය අසත්‍ය නම් ඒ පිළිබඳව නිවැරදි කිරීමක් කළ යුත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (මාධ්‍ය) සමන් අතාවුදහෙට්ටි මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය වේ.

මේ තත්ත්වයෙන් පැහැදිළි වන්නේ ද මේ අය සිය සීමාව කුමක් ද, තමා කවුරුන් ද,තමාගේ තනතුර,වගකීම සහ කාර්ය භාරය කුමක් ද යන්න පිළිබඳව ද, යම් ක්‍රියා මාර්ගයක් ගත යුතු නම් ඒ ක්‍රියාමාර්ගය ගත යුත්තේ කවුරුන් ද සහ ඒ කෙසේ ද යන්න පිළිබඳව ද නොදන්නා බවය.

ලසන්ත ගුණවර්ධන කියන ආකාරයට සුදත් චන්ද්‍රසේකරගේ කාර්යාලය සීල් තැබීමට ඔහු සම්බන්ධ නොවුණා නම්  හරිස්චන්ද්‍ර වික්‍රමසිංහගේ කණ්ඩායම  සමග ඒ අවස්ථාවට එක්ව සිටියේ ඔහුගේ එක කුස උපන් නිවුන් සහෝදරයකු ද ?ලසන්ත ගුණවර්ධන කියන ආකාරයට එම කාර්යාලයේ සීල් කඩා එම බඩු භාණ්ඩ යළි ඒ ඒ ස්ථානවල තැබීමට ඔහු සම්බන්ධ නොවුණා විය හැකි නමුත් සමස්ථ ක්‍රියාවලියේ නියමුවකු ලෙස මේ සිද්ධියේදී ඔහු සිරිකොතේ ක්‍රියා කළ ආකාරය දැක්වෙන රූප පෙළ අවශ්‍ය නම් මේ සමගම හෝ පසුව පළ කළ හැකිය.

ලසන්ත ගුණවර්ධන නැමැත්තා “lankanewsweek”  වෙත යොමු කළ“Viber” පණිවිඩය පහත දැක්වෙන අතර ඔහු මේ පණිවිඩය එවන්නට ඇත්තේ “lankanewsweek”  කණ්ඩායම කොණ්ඩය බඳිනවා කියා සිතා ගෙන විය යුතුය.

“Dear Sujith, the news item with regards to Sudath’s computers are not correct . I was not involved in this and neither Sandra or Sagala issued any instructions. I did not visit Sirikotha to handover any computers yesterday. Hon PM never scolded me or even not discussed any thing with me in this regard. Please correct your news item .”

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
ලසන්ත ගුණවර්ධන අනා ගෙන නා ගත්ත “Viber” පණිවිඩය..! | Lanka Newsweek