ලක්ෂ්මන් කිරිඇල්ල රාජ්‍ය ව්‍යවසාය ඇමති ලෙස උසස් කෙරේ

(සුජිත් මංගල ද සිල්වා) කැබිනට් මණ්ඩල සංශෝධනය යටතේ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ධූරය සඳහා උසස් කෙරෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. ඒ අනුව…
(සුජිත් මංගල ද සිල්වා)
කැබිනට් මණ්ඩල සංශෝධනය යටතේ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ධූරය සඳහා උසස් කෙරෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් කබීර් හෂීම මහතාට එම අමාත්‍ය ධුරය අහිමි වනු ඇති අතර ඔහුට,ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දැරූ මහා මාර්ග අමාත්‍යංශය ලබාදීමට යෝජනා කර තිබේ.
දැන්වීම
සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය ධූරය ලබදීමට යන්නේ ඔහු මේ වන විටත් දරමින් සිටින උසස් අධ්‍යාපන අමාත්‍ය ධූරය ද සමගින් බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ජනාධිපතිවරණයේදී,මහා මැතිවරණයේදී සහ පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කළ මෙහෙවර ද ද සභා නායකවරයා ලෙස පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුව වෙනුවෙන් කරන කාර්යභාරය ද සලකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය ධූරයට යෝජනා කර ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම යෝජනාව අනුමත කර තිබේ.
ලංකා බැංකුව,ජාතික ඉතිරි කිරීමේ බැංකුව,මහා ජන බැංකුව,ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මුල්‍ය සංස්ථා බැංකුව,රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුව,ලංකා පුත්‍ර බැංකුව,ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන රාජ්‍ය බැංකු ද ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ද ශ්‍රී ලංකා ගුවන් සේවය ද ලිට්රෝ ගෑස් සමාගම ද බී.සී.සී. ආයතනය ද ජන වසම සහ රාජ්‍ය වැවිලි සංස්ථාව ද ඇතුළු ආයතන 80ක් රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යංශය යටතේ පවතියි.