ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් කතානායකට පැමිණිල්ලක්

පාර්ලිමේන්තුවේ සමහර කමිටු නීතිය උල්ලංඝනය කර ප්‍රශ්න අදිමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අසාධාරණ ලෙස පහර ගැසීම සම්බන්ධයෙන් කතානායකවරයාට පැමිණිලි කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා…
පාර්ලිමේන්තුවේ සමහර කමිටු නීතිය උල්ලංඝනය කර ප්‍රශ්න අදිමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අසාධාරණ ලෙස පහර ගැසීම සම්බන්ධයෙන් කතානායකවරයාට පැමිණිලි කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී සිකුරාදා (26) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ මුලසුනේ අවසරය ඇතිව විශේෂ ප්‍රකාශයක් කරමින් අව අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද සඳහන් කළේය.
"සෑම කාරක සභාවකටම සීමා තියෙනවා. නමුත් සමහර සභා නීතියට පිටින් ගිහිල්ලා ප්‍රශ්න අදිනවා. පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කමිටුව යම් සිද්ධියක් ගැන පරීක්ෂණයක් කරන්න නම් ඒ ගැන විගණන විමසුමක් තියෙන්න ඕන. එහෙම දෙයක් නැතුව පරීක්ෂණ කරන්න බැහැ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් නැගිටලා පැමිණිලි කරනවා. සභාපතිතුමා පරීක්ෂණයක් කරන්න කියලා කියනවා. ඊට පස්සේ ඒක රූපවාහිනිය පෙන්නනවා. මේක අපිට කරන බලවත් අසාධාරණයක්. විගණන විමසුම් විතරයි ගන්න පුළුවන්. නමුත් නිලධාරීන් ඔක්කොම ගෙන්නනවා. මහවැලි ඒකෙ ඔක්කොම ගෙන්නුවා. ඉඩම් ප්‍රශ්න රස්සා දෙන ක්‍රමය ඔක්කොම සාකච්ඡා කරනවා. මේවා විගණන විමසුම්වල නැහැ. කෝප් එක දාල තියෙන්නෙ විගණන විමසුම්වලට විතරයි. මමයි සභානායකතුමායි තීරණය කළා කතානායකවරයා හමුවෙලා කෝප් සභාපතිවරයාට උපදේශයක් දෙන්න."