අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ලංකා බැංකු වැටුප් වර්ධකය මුදල් ඇමති අණින් නවතියි..!

ලංකා බැංකු වැටුප් වර්ධකය මුදල් ඇමති අණින් නවතියි..!

මහ බැංකු ඇමැතියි-ලංකා බැංකු ඇමැතියි පටලවා ගනී..! බැංකු බලධාරීන් දෙලොවක් අතර අතරමං වෙලා..! ලංකා බැංකු සේවක සංගමයත් පාරට බහින ලකුණු..? (රසික මහගෙදර) ලංකා බැංකු සේවක සේවිකාවන්ට අවුරුදු තුනකට වතාවක්…

මහ බැංකු ඇමැතියි-ලංකා බැංකු ඇමැතියි පටලවා ගනී..!

බැංකු බලධාරීන් දෙලොවක් අතර අතරමං වෙලා..!

ලංකා බැංකු සේවක සංගමයත් පාරට බහින ලකුණු..?

ලංකා බැංකු වැටුප් වර්ධකය මුදල් ඇමති අණින් නවතියි..!

(රසික මහගෙදර)

ලංකා බැංකු සේවක සේවිකාවන්ට අවුරුදු තුනකට වතාවක් නීත්‍යානුකුලව හිමි විය යුතු වැටුප් වර්ධකය සඳහා අදාළ විෂය භාර අමාත්‍යවරයා වන රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා අනුමැතිය ලබාදී තිබියදී එම වැටුප් වර්ධකය ලබාදීම වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලික අත් හිටු වන ලෙසට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා බැංකු කළමණාකාරීත්වයට නියෝග කිරීම හේතුවෙන් එම බැංකුව අභ්‍යන්තරයේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

ලංකා බැංකු සභාපති ජනාධිපති නීතීඥ රෝලන්ඩ් සී පෙරේරා මහතා ලංකා බැංකු සේවක සංගමය ඇතුළු වෘත්තීය සමති සමග දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසු පැමිණි එකඟතාවය මත රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා බැංකු සේවක සේවිකාවන්ගේ එම නීත්‍යානුකුල වැටුප් වර්ධකය සඳහා අනුමැතිය දී තිබිණ.

ඒ බව ආරංචි වූ වහාම මුදල් අමාත්‍යංශය සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිදු කර තිබෙන්නේ රාජ්‍ය බැංකුවල වැටුප් වැඩි කිරීමක් සිදු කරනවා නම් ඒ පිළිබඳව කල් ඇතිව දැනුම් දී ඒ සඳහා මුදල් අමාත්‍යංශයේ ද අනුමැතිය ලබා ගත යුතු බව කියමින් එම වැටුප් වර්ධකය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත් හිටු වන ලෙසට ලංකා බැංකු සභාපති රෝලන්ඩ් සී පෙරේරා මහතාට නියෝග කිරීමය.

ලංකා බැංකුව අභ්‍යන්තරයේ මේ වන විට උද්ගත වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් එම  බැංකු සේවක සේවිකාවන් “lankanewsweek” සමග කරුණු පැහැදිළි කරමින් කියා සිටියේ සිය විෂය භාර අමාත්‍යවරයා වන රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියන ආකාරයට වැඩ කරනවා ද නැති නම් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නියෝග පිළි පදිනවා ද යන කාරණයට අදාළව බැංකුවේ සභාපතිවරයා ඇතුළු ඉහළ කළමණාකාරීත්වය දෙලොවක් අතර අතරමං වී සිටින බවය.

මේ සම්බන්ධයෙන් “lankanewsweek” සමග අදහස් දැක්වූ ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක මහතා මෙසේ පැවසීය.

“එදා සිට හැමදාම සිදු වුණේ අවුරුදු තුනකට වතාවක් නීත්‍යානුකුලව අපට හිමි වන වැටුප් වර්ධකයට අදාළ විෂය භාර අමාත්‍යවරයා අනුමැතිය ලබා දුන්නාම එසේ අනුමතය දුන් දිනයේ සවස සිටම හෝ ඊට පසුදා සිටම සේවක සේවිකාවන්ට ඒ වැටුප් වර්ධකය ඇතුළු දීමනා ලැබීමයි.

කෙසේ නමුත් ලංකා බැංකුවේ සභාපතිවරයා ඇතුළු ඉහළ කළමණාකාරීත්වය සමග දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කිරීමෙන් පසුව පැමිණි එකඟතාවයට අනුව විෂය භාර අමාත්‍යවරයා ලෙස රාජ්‍ය ව්‍යවසාය අමත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අනුමැතිය ලබා දුන් වැටුප් වර්ධකය අපට තවමත් හිමි වී නැහැ.

මේ සම්බන්ධයෙන් ලංකා බැංකු බලධාරීන්ගෙන් අප විමසූ විට ඒ අය අප සමග කියා සිටියේ එවැනි වැටුප් වර්ධකයක් ලබා දෙනවා නම් ඒ පිළිබඳව දැනුම් දී මුදල් අමාත්‍යංශයේ ද අනුමැතිය ලබා ගත යුතු බව එම අමාත්‍යංශය දැනුම් දී ඇති බවයි.

මුදල් අමාත්‍යංශයේ නොව බුද්ධ ශාසන අමත්‍යංශයේ හෝ වේවා අවසරය ගෙන අපේ නීත්‍යානුකුල වැටුප් වර්ධකය අපට ලබා දිය යුතයි.මේ කාරණය සම්බන්ධයෙන් ලංකා බැංකු සේවක සේවිකාවන් දැඩි කලබලයට සහ නොසන්සුන්භාවයට පත්ව සිටින අතර අප ඒ අය පාලනය කර ගෙන සිටින්නේ ඉතාම අමාරුවෙනුයි.

ඉදිරි වැඩ කරන දින දෙක තුන ඇතුළත මේ ප්‍රශ්නය විසඳා අදාළ විෂය භාර අමාත්‍යංශය අනුමැතිය ලබා දුන් අපේ නීත්‍යානුකුල වැටුප් වර්ධකය අපට ලබා නොදුන්නොත් දැඩි ක්‍රියා මාර්ගවලට යන්න අපට සිදු වනවා.

අපේ සේවක සේවිකාවන්ගේ වැටුප් වර්ධක සඳහා අවශ්‍ය මුදල් උත්පාදනය කෙරන්නේ අපේ බැංකුවෙන්මයි.ලංකා බැංකුවෙන් භාණ්ඩාගාරයට බරක් නැහැ...භාණ්ඩාගාරය නම් අපේ බැංකුවට බරක් වෙලා තිබෙන බව කිව යුතුයි.”

ලංකා බැංකු වැටුප් වර්ධකය මුදල් ඇමති අණින් නවතියි..!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
ලංකා බැංකු වැටුප් වර්ධකය මුදල් ඇමති අණින් නවතියි..! | Lanka Newsweek