අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ලංකා පුත්‍ර බැංකුවේ සභාපතිගේ පත්වීම ගැන ප්‍රශ්න කෙරේ..?

ලංකා පුත්‍ර බැංකුවේ සභාපතිගේ පත්වීම ගැන ප්‍රශ්න කෙරේ..?

(උපුල් බණ්ඩාර) මහා පරිමාණ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පර්පෙචුවල් ට්‍රේෂරීස් ආයතනයේ සභාපති අර්ජුන් ඇලෝසියස් මහතා සමග සබඳතා පවත්වමින් ගනු දෙනු සිදු කළ බව කියන රුවන් ගාල්ලගේ මහතා ලංකා…

(උපුල් බණ්ඩාර)

මහා පරිමාණ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන්  චෝදනා එල්ල වී සිටින පර්පෙචුවල් ට්‍රේෂරීස් ආයතනයේ සභාපති අර්ජුන් ඇලෝසියස් මහතා සමග සබඳතා පවත්වමින් ගනු දෙනු සිදු කළ බව කියන රුවන් ගාල්ලගේ මහතා ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපති ධූරය තවමත් දැරීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවයේ විශේෂ අවධානය යොමු වී තිබේ.

රුවන් ගාල්ලගේ මහතා අර්ජුන් ඇලෝසියස් මහතා සමග සබඳතා පවත්වමින් ගනු දෙනු සිදු කළ බවට තොරතුරු හෙළි වී තිබුණේ මහා පරිමාණ බැඳුම්කර වංචාව පිළිබඳව කරුණු විමර්ශනය කළ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම මගින් සිදු කෙරුණු  අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකථන පරීක්ෂාවේදී වන අතර ඒ පිළිබඳ තොරතුරු ඒ දිනවල ජනමාධ්‍ය ඔස්සේ ද වාර්තා කෙරිණ.

දැන්වීම

එසේ තිබියදී රුවන් ගාල්ලගේ මහතා වැනි පුද්ගලයකු ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ලෙස තවදුරටත් තබා ගෙන සිටීම විශාල ප්‍රශ්නයක් බව ජනාධිපතිවරයාගේ ප්‍රබල නිලධාරියකු “lankanewsweek” සමග පැවසීය.

එක්සත් ජාතික පක්ෂයට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට නිතරම අනුසාසනා කරන ප්‍රධාන පෙළේ නා හිමි නමක් ද රුවන් ගාල්ලගේ මහතාගේ ක්‍රියාකලාපය ද,ඔහු මේ තනතුරට පත් කිරීම ගැන ද ඔහුට එක්සත් ජාතික පක්ෂයට තිබෙන සම්බන්ධය කුමක්ද යන්න පිළිබඳව ද ප්‍රශ්න කරමින් සිටියි.

උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ සිය තනතුර රැක ගැනීම සඳහා රුවන් ගාල්ලගේ මහතා,නව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩ භාර ගන්නා අවස්ථාවට ඊයේ (28) අනාරාධිතවම පැමිණ තිබේ.

ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපති රුවන් ගාල්ලගේ මහතා සම්බන්ධ විශේෂ තොරතුරු රැසක් “lankanewsweek” සතුව පවතින අතර ඉදිරියේදී අපි ඒ සියල්ල ක්‍රමානුකුලව හෙළි කරන්නෙමු.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ලංකා පුත්‍ර බැංකුවේ සභාපතිගේ පත්වීම ගැන ප්‍රශ්න කෙරේ..? | Lanka Newsweek