ලංකා ගුරු සංගමය වටේ යවා අගමැති ඇණ ගනී..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

අගමැතිගේ “Appointments”වලට බාලගිරි දෝෂය වැළඳිලා..! අගමැති ගණන් උස්සද්දී ජනපති වෘත්තීය සමිති දිනා ගනී..! (සුජිත් මංගල ද සිල්වා) අධ්‍යාපන ක්ෂේත්‍රයේ උද්ගත වී තිබෙන අර්බුද සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ…
අගමැතිගේ “Appointments”වලට බාලගිරි දෝෂය වැළඳිලා..!
අගමැති ගණන් උස්සද්දී ජනපති වෘත්තීය සමිති දිනා ගනී..!
(සුජිත් මංගල ද සිල්වා)
අධ්‍යාපන ක්ෂේත්‍රයේ උද්ගත වී තිබෙන අර්බුද සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ කාරියවසම් මහතාගේ අත්තනෝමතික ක්‍රියා කලාපය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කර විසඳුමක් ලබා ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මාස ගණනක් තිස්සේ අවස්ථාවක් ඉල්ලා සිටියත් ඔහු එදා සිට මේ දක්වාම ඒ සඳහා වේලාවක් ලබා දී නැතැයි ලංකා ගුරු සංගමය චෝදනා කර සිටියි.
තමා හමුවීමට හෙට අනිද්දාම වේලාවක් ලබා දෙන බව, සුනිල් ප්‍රේමසිරි මහතා ඇතුළු සිය විවිධ සම්බන්ධීකරණ නිලධාරීන් මාර්ගයෙන් දැනුම් දෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය සංගමය මාස ගණනාවක් මුළුල්ලේ සැලසුම් සහගතව සහ හිතාමතාම මඟ හැරියේ යැයි ලංකා ගුරු සංගමයේ සභාපති ජෝශප් ස්ටාලින් මහතා “lankanewsweek” සමග පැවසීය.
රටේ ජාතික අධ්‍යාපනයේ උද්ගත වී තිබෙන ප්‍රශ්න කතා කිරීම සඳහා, යහ පාලන ජාතික රජය බලයට ගෙන එන්න ඇප කැප වී ක්‍රියා කළ ලංකා ගුරු සංගමයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ තමා හමුවීමටවත් වේලාවක් ලබා නොදීම ඉතා කණගාටුදායක යැයි ද ඔහු පෙන්වා දුන්නේය.
කෙසේ නමුත් අධ්‍යාපන වෘත්තීය සමිති වහාම කැඳවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ ප්‍රශ්න විසඳීමට මැදිහත්වීම අගය කරන බව ද ඔහු පොරොන්දු වූ පරිදි ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද පැවසූ ජෝශප් ස්ටාලින් මහතා දේශපාලන පළි ගැනීම්වලට ලක් වූවන් යැයි කියා අධ්‍යාපන අමත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සිය පෞද්ගලික සහ දේශපාලන හිතවතුන් 1014ක් විදුහල්පති සේවයට සහ අධ්‍යාපන පරිපාලන සේවයට නීති විරෝධී ලෙස අනුයුක්ත කර ඇතැයි ද හෙළි කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
