අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ලංකා ඊ නිව්ස් අවහිර කළේ කිනම් නීතියක් යටතේද ?

ලංකා ඊ නිව්ස් අවහිර කළේ කිනම් නීතියක් යටතේද ?

(හේමන්ත තුෂිත කුමාර ) ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට පිවිසීම ශ්‍රී ලංකාවේ ( www.lankaenews ) අවහිර කිරීම සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්නැයි එහී ප්‍රධාන කර්තෘ සඳරුවන් සේනාධීර මහතා සිය නීතීඥයා මාර්ගයෙන් රජයේ…

(හේමන්ත තුෂිත කුමාර )

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට පිවිසීම  ශ්‍රී ලංකාවේ (www.lankaenews) අවහිර කිරීම සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්නැයි එහී ප්‍රධාන කර්තෘ සඳරුවන් සේනාධීර මහතා සිය නීතීඥයා මාර්ගයෙන් රජයේ වැඩ බලන ප්‍රවෘති අධ්‍යක්‍ෂක නීතීඥ සුදර්ශන ගුණවර්ධන මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබේ. සඳරුවන් සේනාධීර මහතාගේ  නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා එම ලිපිය මගින් සුදර්ශන ගුණවර්ධන මහතාගෙන් විමසා සිටින්නේ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට පිවිසීම ශ්‍රී ලංකාවේ තහනම් කළේ අධිකරණ නියෝගයක් මත ද නොඑසේනම් ආයතනයක හෝ පුද්ගලයකුගේ උපදෙස් මත ද ඒ කිනම් හේතුවක් සහ නීතියක් මත ද යන්නය. සිය සේවා දායකයාට කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව මේ අවහිර කිරීම කර ඇත්තේ හුදු ඒකපාර්ශවික තීන්දුවක් ලෙසට බවද නීතීඥ උපුල් කාරියප්පෙරුම මහතා සිය ලිපිය මගින් දැනුම්දී සිටියි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ලංකා ඊ නිව්ස් අවහිර කළේ කිනම් නීතියක් යටතේද ? | Lanka Newsweek