අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ලංකාවේ හිනා යන වැඩ වලටත් USAID එකෙන් බරට වියදම් කරලා..!

ලංකාවේ හිනා යන වැඩ වලටත් USAID එකෙන් බරට වියදම් කරලා..!

ඊලොන් මස්ක් සියල්ල හෙළි කරයි ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට පුවත් වාර්තා කිරීමේදී, ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය සඳහා වූ පොදු වූ වචන මාලාවක් ඉගැන්වීම සඳහා ආරම්භ කළ හාස්‍යජනක ව්‍යාපෘතියකට ඇමෙරිකානු ජනතාවගේ බදු…

 ඊලොන් මස්ක් සියල්ල හෙළි කරයි 

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට පුවත් වාර්තා කිරීමේදී, ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය සඳහා වූ පොදු වූ වචන මාලාවක් ඉගැන්වීම සඳහා ආරම්භ කළ හාස්‍යජනක ව්‍යාපෘතියකට ඇමෙරිකානු ජනතාවගේ බදු මුදල් ඩොලර් මිලියන 7.9 ක් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය වියදම් කර ඇතැයි ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක් සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පසුගියදා ප්‍රකාශ කළේය.

එපමණක් නොව තවත් හාස්‍යජනක ව්‍යාපෘති රැසක් සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය මුදල් වියදම් කර තිබෙන බවත් ඒ අතර අල් කයිඩා ත්‍රස්තවාදී කණ්ඩායමට නෑකම් කියන ත්‍රස්තවාදී කණ්ඩායමක් සඳහා ආහාර ලබාදීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ක්, ඊජිප්තුවේ සංචාරක කර්මාන්තය සඳහා ඩොලර් මිලියන 6 වියදම් කළ ව්‍යාපෘති තිබෙන බවත් මස්ක් පැවැසුවේය.

මේ ආකාරයෙන් අනවශ්‍ය ලෙස වියදම් කළ ව්‍යාපෘති රාශියක් තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

දැන්වීම

දශක ගණනාවක් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ වියදම් කිසිවෙකු අධීක්ෂණය කර නොමැති බවත් තවදුරටත් ඇමෙරිකානු ජනතාවගේ බදු මුදල් නාස්ති කිරීමට ඉඩ ලබා දිය නොහැකි බවත් මසක් පැවැසුවේය.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ශ්‍රී ලංකාව ඇතුළු ගෝලීයව තිබෙන සියලුම කාර්යාලවලට කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලැබූ සේවකයන් පඩි සහිත අනිවාර්ය නිවාඩු යැවීමටත් දින 30 ක් තුළ එලෙස අනිවාර්ය නිවාඩු ලබන පිරිස් නැවත ඇමෙරිකාවට ගෙන්වා ගැනීමටත් ජනපති ට්‍රම්ප්ගේ පරිපාලනය පසුගියදා නියෝග කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න