“ලංකාදීප” මාධ්‍යවේදීහු සිරි රණසිංහට හෙණ ඉල්ලති..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4

සොච්චමකින් වැටුප් වැඩි කරලා..! “දෙයියන්දර වහල් වැටුප් සූත්‍රය”එළියට..! සියලු වරදාන-වරප්‍රසාද ඥාති පුතුන්ටදී ලා..! ඩයනා උදයංගනීගේ වැටුප් වැඩිවීම රු.20යි..! අංජුල මහිකට 65යි..! ශාන්ත රත්නායකට 35යි..!…
සොච්චමකින් වැටුප් වැඩි කරලා..!
“දෙයියන්දර වහල් වැටුප් සූත්‍රය”එළියට..!
සියලු වරදාන-වරප්‍රසාද ඥාති පුතුන්ටදී ලා..!
ඩයනා උදයංගනීගේ වැටුප් වැඩිවීම රු.20යි..!
අංජුල මහිකට 65යි..!
ශාන්ත රත්නායකට 35යි..!
ඉන්දිකා රමාණයකට 280යි..!
ආරියරත්න රණබාහුට 320..!
(සුජිත් මංගල ද සිල්වා)
රුපියල් කෝටි දෙසීයකට අධික වාර්ෂික ලාභයක් උපයන සීමාසහිත විජය පුවත්පත් සමාගම සිය සේවක සේවිකාවන්ට අහස පොළව නුහුලන අරුම පුදුම වාර්ෂික වැටුප් වර්ධකයක් ලබා දී තිබේ.
උග්‍ර ජීවන අර්බුදයක් රටේ උද්ගත වී තිබියදී ඒ ගැන වගේ වගක් නොමැතිව ලබා දී තිබෙන මේ වාර්ෂික වැටුප් වැඩිවීම “ලංකාදීප” කර්තෘ මණ්ඩලයේ මාධ්‍යවේදීන් හඳුන්වන්නේ සිරි රණසිංහගේ “දෙයියන්දර වහල් වැටුප් සූත්‍රය” ලෙසය.
මිනිස්සුන්ගේ ශ්‍රමය,මිනිසත්කම,සිය දු දරු පවුල්වල දුක් කම්කටොලු,ප්‍රශ්න සහ අවශ්‍යතා පිළිබඳ නොතකා සිය ඥාතීන්ට පමණක් සියලු වරදාන සහ වරප්‍රසාද ලබා දෙමින් අනෙකුත් සියලු අය තුට්ටුවකටත් මායිම් නොකර හිඟන්නන් ලෙස සලකා සොච්චමකින් වැටුප් වැඩි කළ “ලංකාදීප”ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතාට හෙණ හත ගැසිය යුතු යැයි විජය පුවත්පත් සමාගමේ සේවක සේවිකාවෝ පිරිසක් “lankanewsweek” සමග වේදනාවෙන් පැවසූහ.
එමෙන්ම මහ සිංහල බෞද්ධ පරිත්‍යාගශීලී ප්‍රතිරූපයක් රට ජනතාව ඉදිරියේ මවා ගෙන සිටිමින් සිරි රණසිංහ මහතාගේ මේ දුෂ්ඨ සහ අමන ක්‍රියා අනුමත කරන සීමාසහිත විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් වියවර්ධන වගේම නියෝජ්‍ය සභාපති සුජාන් විජයවර්ධන යන මහත්වරුන් ඇතුළු සියලුම බලධාරීන්ට ද මේ පවිටු ක්‍රියා ශාපයක්ම වනු ඇතැයි එම සේවක සේවිකාවෝ දෙස් දෙවොල් තැබුහ.
“ලංකාදීප” කර්තෘ මණ්ඩලයේ අඩුම වාර්ෂික වැටුප් වැඩිවීම ලැබී තිබෙන්නේ බොහෝ ප්‍රවෘත්ති සාකච්ඡා මාධ්‍ය ආවරණය කරමින් පුවත්පතට විශාල දායකත්වයක් ලබාදෙන මාධ්‍යවේදිනී ඩයනා උදයන්ගනී මෙනවියට වන අතර රුපියල්වලින් ඒ මුදල රුපියල් 20ක සොච්චමකි.
දක්ෂ සහ තරුණ එමෙන්ම නමක් දිනා ගත් නැගී එන ඡායාරුප මාධ්‍යවේදී ශාන්ත රත්නායක මහතාගේ වැටුප වැඩි කර තිබෙන්නේ රුපියල් 35ක් වැනි සොච්චමකිනි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය ආවරණ කටයුතුවල නිරත වෙමින් රට පුරා මාස ගණන් සංචාරය කර පිටු පිරෙන්න කතා ලියන මාධ්‍යවේදී අංජුල මහීක වීරරත්න මහතාගේ වැටුප රුපියල් 65කින් වැඩි කර තිබේ.
සමාජයේ සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි මාධ්‍ය ආවරණ කටයුතුවල නිරත වෙමින් “ලංකාදීපයට” විශාල දායකත්වයක් ලබා දෙන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියරත්න රණබාහු මහතාගේ වැටුප වැඩි කර තිබෙන්නේ රුපියල් 320කිනි.
යුද්ධ සමයේ පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සමග සම්බන්ධ වී පුවත්පත වෙනුවෙන් අසීරු අවස්ථාවකදී අසීරුම රාජකාරියක යෙදුණු සහ මේ වන විටත් ආරක්ෂක අංශ මාධ්‍ය ආවරණය කරන ප්‍රවීණ මාධ්‍යවේදිනී ඉන්දිකා රාමනායක මෙනවියට ලබා දී තිබෙන්නේ රුපියල් 280ක වැටුප් වැඩිවීමකි.
කෙසේ නමුත් සිරි රණසිංහ මහතාගේ ඥාති පුත්‍රයෙකු සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතමයකු වන අජන්ත කුමාර අගලකඩ මහතා සම ප්‍රවෘත්ති කර්තෘ ධූරයට උසස් කර ඔහුගේ වැටුප රුපියල් 5,000ත් 10,000ත් අතර මුදලකින් වැඩි කර තිබේ.
කෙසේ නමුත් “ලංකාදීප” ක්‍රීඩා කර්තෘ සහ අන්තර් ජාල වෙබ් අඩවියේ හෙවත් “එසැන පුවත්” කර්තෘ ප්‍රවීණ සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දමින්ද විජේසූරිය මහතාගේ වැටුප වැඩි කර තිබෙන්නේ රුපියල් 3.000කිනි.
මේ අතර සිරි රණසිංහ මහතාගේ බෑනාගේ ඥාතියකු වන මාධ්‍යවේදී රංජන් කස්තුරි මහතා නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ ධූරයට උසස් කර ඔහුගේ වැටුප ද රුපියල් 3,000ත් 5,000ත් අතර වැඩි කර තිබේ.
සිරි රණසිංහ මහතාගේ මාර්ගයෙන් “ලංකාදීපය”ට අලුතින් පැමිණි ඔහුගේ ගමේ පවුලේ හිතවතකුගේ පුත්‍රයකු වන මාතර දෙනියායේ පදිංචි ආධුනික මාධ්‍යවේදී අමිල චින්තක ගමගේ මහතා පළමු ශ්‍රේණියට උසස් කර තිබේ.
එමෙන්ම ඔහුගේ තවත් ඥාති පුත්‍රයකු වන මාධ්‍යවේදී ප්‍රදීප් දසනායක මහතා “ලංකාදීප” උප කර්තෘ අංශයේ ප්‍රධානියකු ලෙස ද තමා මාර්ගයෙන් ආයතනයට පැමිණි මාතර උපන් අරුණ ශාන්ත මහතා නියෝජ්‍ය ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ ධූරයට ද උසස් කර ඇත.
මේ අතර විජය පුවත්පත් සමාගමේ රියදුරන්ගෙන් බහුතරයේ වැටුප වැඩි වී තිබෙන්නේ රුපියල් 10ත් 100ත් අතර සොච්චමකිනි.ඒ අතර රුපියලේ සිට රුපියල් 10 දක්වා වැටුප් වැඩි වූ රියදුරන් ද සත පහකින්වත් වැටුප් වැඩි නොවූ රියදුරෝ ද සිටිති.
රුපියල් පහකින් වැටුප් වැඩි කෙරුණු එක්තරා රියදුරෙකු “මේ තරම් ලොකු මුදලකින් වැටුප් වැඩි කරලා ආයතනය වහන්න වෙයි ද දන්නේ නැහැ” යන ශීර්ෂය යටතේ ඒ පිළබඳව සිය “ෆේස්බුක්” පිටුවේ පළ කළා කියා මේ වන විට ඔහුගේ වැඩ තහනම් කර තිබේ.
මේ අතර “ලංකාදීප” ප්‍රධන කර්තෘ සිරි රණසිංහ මහතා කර්තෘ මණ්ඩලය හමුවේ කියා තිබෙන්නේ මේ සිද්ධියට තමාගේ කිසිම සම්බන්ධයක් නොමැති අතර සියල්ල සිදු වූයේ ආයතනයේ නියෝජ්‍ය සභාපති සහ රංජිත් විජයවර්ධන මහතාගේ පුත් සුජාන් විජයවර්ධන මහතාගේ අවශ්‍යතාවයට බවය.
කෙසේ නමුත් “lankanewsweek” මේ සම්බන්ධයෙන් “ලංකාදීප” සම ප්‍රවෘත්ති කර්තෘ අජන්ත කුමාර අගලකඩ මහගෙන් විමසූ අවස්ථාවේදී ඔහු පැවසුවේ මෙසේය. “අපේ සම්බන්ධයක් නැහැ ඕවට..අපි නම් දන්නේ නැහැ..ඒවා “පර්සනල්” එකේ වැඩ නේ...”
මේ අතර විජය පුවත් සමාගමේ ඉහළම පෙළේ ආරංචි මාර්ග “lankanewsweek” සමග පැවසුවේ සිරි රණසිංහ මහතාගේ නිර්දේශ මත ආයතනයේ මානව සම්පත් කළමණාකාරණ අංශය සහ එහි නව කළමනාකරු ගත් මේ පියවර ගැන සුජාන් විජයවර්ධන මහතා ප්‍රශ්න කර ඇති බවය.
ආයතනයේ සභාපති රංජිත් විජයවර්ධන මහතාට ද මේ සිද්ධිය විශාල ප්‍රශ්නයක් වී ඇතැයි ද මේ හේතුවෙන් විජය පුවත්පත් ආයතනය අභ්‍යන්තරයේ මේ වන විට උග්‍ර අර්බුදකාරී තත්ත්වයක් ඇති වී ඇති අතර එම අර්බුදය ගැටුමක් දක්වා වර්ධනය වීමේ අනතුරක් පවතින බව ද එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කළේය.
"ජනයුගය","සත්හඬ","ඉරුදින","දිනපතා රිවිර" ඇතුළු පත්‍ර ගණනාවක් මේ වන විට වැසී ගොස් තිබෙන තත්ත්වය හමුවේ "ලංකාදීප","The sun day times" සහ "Dally Mirror" ඇතුළු විජය පුවත්පත් සමාගම මගින් ප්‍රකාශයට පත් කෙරෙන පුවත්පත්වල අලෙවිය වැඩි වී තිබෙන අතර වැසී ගිය පුවත්පත් අතර බෙදී ගිය දැන්වීම් ද මේ වන විට ලැබෙමින් පවතින්නේ එම ආයතනය මගින් ප්‍රකාශයට පත් කෙරෙන පුවත්පත් සඳහාය.
විජය පුවත්පත් සමාගම මාධ්‍යවේදීන් ඇතුළු සිය සේවක සේවිකාවන් සඳහා මේ තරම් සොච්චමක් වැටුප් වැඩි කර තිබෙන්නේ එසේ තිබියදී වීම හෙණ ගහන අපරාධයක් බව එම ආයතනයේ කර්තෘ මණ්ඩල මාධ්‍යවේදියෙක් “lankanewsweek” සමග කියා සිටියේය.
හැමදාමත් සොච්චමකින් වැටුප් වැඩි කරමින් සිදු කරන මේ සූරා කෑමට,අසාධාරණයට සහ වහලුන් ලෙස සැලකීමට එරෙහිව සිරි රණසිංහ,රංජිත් විජයවර්ධන සහ සුජාන් විජයවර්ධන ඇතුළු බලධාරීන්ට ශාප කරමින් සීනිගම දේවාලයේ පොල් ගසා මිරිස් අඹරන බව එක්තරා රියදුරෙක් දැඩි වේදනාවේ යුතුව “lankanewsweek” සමග පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
