රෝහිනී ගෙන් විජිතට ලොවෙත් නැතිවෙන පිළිතුරක්

මාතලේ දිස්ත්‍රික් සජබ නායිකා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී රෝහිණී කවිරත්න විසින් නව රජය මුදල් අච්චු ගැසීම පිළිබඳ ව පසුගියදා ප්‍රකාශයක් නිකුත් කර තිබුණි.ඒ සඳහා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නිකුත් කර තිබූ…
මාතලේ දිස්ත්‍රික් සජබ නායිකා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී රෝහිණී කවිරත්න විසින් නව රජය මුදල් අච්චු ගැසීම පිළිබඳ ව පසුගියදා ප්‍රකාශයක් නිකුත් කර තිබුණි.ඒ සඳහා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නිකුත් කර තිබූ පිළිතුර සම්බන්ධයෙන් රෝහිනී කවිරත්න හිටපු මන්ත්‍රීවරිය පුවත්පත් නිවේදනයක් නිකුත් කර ඇත.
වාර සහ එක් රැය වෙන්දේසිය යනු මුදල් මැවීමය. සල්ලි අච්චු ගසන්නේ මහ බැංකුවේ මිස අච්චු කන්තොරුවේ නොවේශ්‍රී ලංකා මහ බැංකුව සහ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ගරු අමාත්‍ය විජිත හේරත් මැතිතුමා මුදල් අච්චු ගැසීම ගැන නිවේදන නිකුත් කර ඇත. එම නිවේදනයන් හි මාගේ නම සඳහන් කිරීමක් සිදු නොවන නමුත්, ඔවුන් පිළිතුරු දී ඇත්තේ මා විසින් 2024 ඔක්. 28 දින නිකුත් කළ නිවේදනයට ය.
තමන් ලඟ නැති මුදලක් රජය වෙනුවෙන් මහ බැංකුව උත්පාදනයට, ආර්ථික විද්‍යවේ කියන්නේ ‘මුදල් අච්චු ගැසීම‘ හෙවත් Money Printing කියාය.
දැන්වීම
කෙටි කාලීන මුදල් සම්පාදනය යාන්ත්‍රණය ලෙස ක්‍රියත්මක
1. වාර වෙන්දේසිය (Term auction) හා
2. එක්රැය වෙන්දේසිය (overnight auction) හරහා මහ බැංකුව මුදල් මවමින් බව මම ප්‍රකාශ කළෙමි.
ශ්‍රි ලංකා මහ බැංකුව 2024 ඔක්තෝබර් 25 (සිකුරාදා) දින රු. බිලියන 36.16 ක මුදලක්, වෙන්දේසියක් හරහා (overnight auction) රටේ මුදල් පද්ධතියට පොම්ප කර තියෙනවා. එය කරුණු වශයෙන් නිවැරදි ය.පසුගිය සතියේ දින 7 තුල මහ බැංකුව වාර වෙන්දේසි මගින් (Term auction) මගින් අච්චු ගසා ඇති මුදල රු. බිලියන 70 කි. කරුණු වශයෙන් එය ද නිවැරදි ය. මහ බැංකුව හා කැබිනට් ප්‍රකාශක මාගේ මේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කර නැත.
Term auction, overnight auction මගින් කරන්නේ සල්ලි අච්චු ගැසීම ජවිපෙ ආර්ථික කමිටුවේ සමාජික රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය නන්දසිරි කීබියහෙට්ටි මහතා ද සිය සමාජ මාධ්‍ය පිටුවේ පිළිගෙන ඇත.
2024 ඔක්තෝබර් 25 දින වන විට, මහ බැංකුවේ ස්ථාවර පහසුකම්වල තැම්පත් කර ඇති අතිරික්ත ද්‍රවශීලතාව (excess liquidity deposited in the central bank’s standing facility) රු. බිලියන 138 සිට 193.4 දක්වා අතිරික්ත ද්‍රවශීලතාව (excess liquidity) රු. බිලියන 55.4 කින් ඉහළ ගොස් ඇති බව මාගේ නිවේදනයේ නිවැරදිව දක්වා ඇත.
රජය භාණ්ඩාගාර බිල්පත් හරහා තවත් රු. කෝටි 14,500 ක් හෙවත් රු. මිලියන 145,000 ක් (හෙවත් බිලියන 145) ක් ඔක්. 29 දින ලබා ගෙන ඇත. මේ දක්වා රජය භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කර මගින් ලබා ගෙන ඇති මුදල රු. කෝටි 80,900 කි. එය අරමුදල් සම්පාදනයක්, අතමාරුවක්, වැනි වචනයකින් අර්ථ කථනය කළ නොහැකිය. මුදලක් ලබාගෙන එයට පොලියක් සමඟ ආපසු ගෙවීම ‘ණය‘ කි.
සිද්ධ වෙන්නේ මොකක්ද..?
