අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රෝහිත බෝගොල්ලාගම බ්‍රිතාන්‍ය නව මහ කොමසාරිස් හමු වෙයි

රෝහිත බෝගොල්ලාගම බ්‍රිතාන්‍ය නව මහ කොමසාරිස් හමු වෙයි

බ්‍රිතාන්‍ය නව මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති රෝහිත බෝගොල්ලාගම යන මහත්වවරුන් අතර විශේෂ සාකච්ඡාවක් කොළඹ දී බ්‍රහස්පතින්දා (14) සිදු විය. මේ හමුවේ දී ජාතික සහ ගෝලීය…

බ්‍රිතාන්‍ය නව මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති රෝහිත බෝගොල්ලාගම යන මහත්වවරුන් අතර විශේෂ සාකච්ඡාවක් කොළඹ දී බ්‍රහස්පතින්දා (14) සිදු විය.

මේ හමුවේ දී ජාතික සහ ගෝලීය දේශපාලන තත්ත්වයන් සේම උද්ගත වී තිබෙන අර්බුදයන් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය නව මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති රෝහිත බෝගොල්ලාගම යන මහත්වවරුන් අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තරය දිනා ගනිමින් ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනගන ආකාරය සම්බන්ධයෙන් රෝහිත බෝගොල්ලාගම මහතා බ්‍රිතාන්‍ය නව මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා දැනුම්වත් කළේය.     
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රෝහිත බෝගොල්ලාගම බ්‍රිතාන්‍ය නව මහ කොමසාරිස් හමු වෙයි | Lanka Newsweek