රෝහල් රැසක හෙද වර්ජනයක්..!

ජාතික රෝහල, අක්ෂි රෝහල ඇතුළු දිවයිනේ තෝරා ගත් රෝහල් රැසක අද (5) දිනයේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසයි. හෙද හෙදියන්ගේ දීමනා ඉහළ නොදැමීම, උසස් වීම් ප්‍රමාදය ඇතුළු…
ජාතික රෝහල, අක්ෂි රෝහල ඇතුළු දිවයිනේ තෝරා ගත් රෝහල් රැසක අද (5) දිනයේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසයි.
හෙද හෙදියන්ගේ දීමනා ඉහළ නොදැමීම, උසස් වීම් ප්‍රමාදය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.
වර්ජනය පැවතිය ද රෝහල් සේවා උපරිම අයුරින් පවත්වා ගෙන යාමට පියවර ගෙන ඇති බව ද එම සංගමය ප්‍රකාශ කර සිටියි.
කෙසේ වෙතත් රෝහල්වල භාහිර රෝගී අංශවල මෙන්ම, සායනවල කටයුතු ද නිසියාකාරව කරගෙන යාමට කටයුතු කරන බවද එම සංගමය පවසයි.