අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රෝහලකට වෛද්‍යවරයෙකු ලබා දෙන්න බැරි ආණ්ඩුවක්..!

රෝහලකට වෛද්‍යවරයෙකු ලබා දෙන්න බැරි ආණ්ඩුවක්..!

මේ ක්‍රමයේ වෙනස ද..? විපක්ෂ නායක ප්‍රශ්න කරයි ක්‍රමයේ වෙනසක් ඇති කරනවා කියා බලය ගත්තත් හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයකු නැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනාවරණය කරයි හොරොව්පතාන…

මේ ක්‍රමයේ වෙනස ද..?

විපක්ෂ නායක ප්‍රශ්න කරයි 

ක්‍රමයේ වෙනසක් ඇති කරනවා කියා බලය ගත්තත් හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයකු නැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනාවරණය කරයි

හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයකු නොමැති බවත් ග්‍රාම සේවා වසම් 7ක කුඩා ගම්මා 20ක ජනතාව මේ නිසා පීඩාවට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ⁣අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිදු කළ සංචාරය අතරතුර ⁣තාපුගොල්ලෑව රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වු අවස්ථාවේ දී ය

දැන්වීම

මේ රෝහලේ උපකරණ රැසක හිඟයක් ඇති බවත් වෛද්‍යවරුන් සේම නිලධාරීන්ගේ ද හිඟයක් ඇති නිසා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානය මේ සඳහා යොමුවිය යුතු බවත් භෞතික හා මානව සම්පත් නොමැති නිසා මේ රෝහල අකර්මන්‍ය වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රජය කිව්ව ක්‍රමයේ වෙනස ද..?

ක්‍රමයේ වෙනසක් ඇති කරනවා කියා බලය ගත්තත් අද මේ රෝහල වැසී යාමේ තත්ත්වයක් ඇතිව තිබෙන නිසා කඩිනමින් මේ ගැටලු නිරාකරණය කළ යුතු බවත් ගොවි ගැටලු විසදන්න බැරි මේ රජය නිදහස් සෞඛ්‍ය සේවාවත් හරියය ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පළාත් සභා තිබ්බ නම් මේ ගැටලු නැ

නිදහස් සෞඛ්‍ය යනු මානව අයිතිවාසිකමක් බවත් එය සුරක්ෂ කිරිම රජයක වගකීම බවත් පළාත් සභා මැතිවරණය තිබ්බා නම් පළාත් සභා බිහි වී මේ අඩුපාඩු සමනය විය හැකි නමුත් මේ රජය හිතාමතාම පළත් සභා කල් දමන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුවට සල්ලි නැති නම් උපකරණ ගන්න අපි සල්ලි දෙන්නම්

මේ රෝහලේ ගැටලු නිරාකරණය කරන්න රජයට බැරි නම් උපකරණ දෙන්න රජයට ශක්තියක් නොමැති නම් විපක්ෂය පවා සහයෝගය දීමට සුදානම් බවත් උපකරණ ආදිය ලබා දෙන්න සමගි ජන බලවේගයට හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න