රොනී ලීච් අභාවප්‍රාප්ත වෙයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ජනප්‍රිය ගායන හා රංගන ශිල්පියෙකු වූ රොනී ලීච් මහතා අද (01) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. ඒ සංගිත ප්‍රසංගයක් සඳහා ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරට ගොස් සිටියදී ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන්.මිය යන විට ඒ මහතා 65…
ජනප්‍රිය ගායන හා රංගන ශිල්පියෙකු වූ රොනී ලීච් මහතා අද (01) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
ඒ සංගිත ප්‍රසංගයක් සඳහා ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරට ගොස් සිටියදී ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන්.මිය යන විට ඒ මහතා 65 වන වියේ පසුවිය.
1972 වර්ෂයේ කණ්ඩායම් සංගීතයෙන් කලා ලොවට පිවිසි ඒ මහතා බටහිර ආරේ ගීත ගායනයෙන් ප්රේක්ෂයින් අතර වඩාත් ජනප්‍රිය විය.
රොනී ලීච් මහතා 1986 වර්ෂයේදී සිය පළමු විදේශ සංචාරය ඇරඹුවේ සුපර් ස්ටාර් සංගීත කණ්ඩායමත් සමගිනි.
ගායනයට සේම රංගනයට ද උපන් හපනෙකු බව විදහා පාමීන් රොනී ලීච්, 1983 දී ඈතින් ඈතට චිත්‍රපටයෙන් රංගනයට අවතීර්ණය විය.
චෙරියෝ ඩාලීන්, ඔන්න බබෝ, මගෝ ඩිගෝ ඩයි, එතුමයි මෙතුමයි, මයි නේම් ඊස් බන්දු ඇතුළු සිනමා නිර්මාණ රැසක රඟ පෑ ඔහු, වඩාත් ප්‍රකට වූයේ හාසයෝත්පාදකරංගන ශිල්පියෙකු ලෙසයි.
1989 න් පසු කාල සීමාවේ ජිප්සීස් නායක සුනිල් පෙරේරා සහ පියල් පෙරේරා මහත්වරුන්ගේ ආරාධනාවකට අනුව තට්ටයා ගීතය ගැයූ ඔහු තවත් ජනප්‍රිය විය.
ක්ෂේත්‍රෙය් සියල්ලන්ගේ ආදරය දිනා සිටි රොනී ලීච් මහතා , ගායනය, රංගනය සිය ජීවිතය කර ගත් කලා කරුවෙකි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1