අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රේගු නීතිය උල්ලංඝන කළ මන්ත්‍රීවරයා ජනතාවට සේම පාර්ලිමේන්තුවට ද අවමන් කළා

රේගු නීතිය උල්ලංඝන කළ මන්ත්‍රීවරයා ජනතාවට සේම පාර්ලිමේන්තුවට ද අවමන් කළා

ඔහුට විරුද්ධව නීතිය අකුරටම ක්‍රියාත්මක කළ යුතුයි රේගු නීතිය උල්ලංඝන කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රටේ ජනතාවට සේම පාර්ලිමේන්තුවට ද අවමන් කර ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු…

ඔහුට විරුද්ධව නීතිය අකුරටම ක්‍රියාත්මක කළ යුතුයි  

රේගු නීතිය උල්ලංඝන කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රටේ ජනතාවට සේම පාර්ලිමේන්තුවට ද අවමන් කර ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන පුත්තලම දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු රුපියල් හත්කෝටි පනස් ලක්ෂයක වටිනාකමකින් යුත් කිලෝග්‍රෑම් තුනහමාරක බරකින් යුත් රන් බිස්කට්, ස්වර්ණාභරන සහ ජංගම දුරකථන තොගයක් නීති විරෝධී ආකාරයට මෙරටට රැගෙන එමින් සිටියදී අත්අඩංවට පත්වීම ඉතාමත් බැරෑරුම් ලෙස සැලකිල්ලට ගන්නා අප සංවිධානය ඒ පිළිබඳබ බලවත් ලෙස කම්පාවට පත්වන අතර එම සිද්ධිය රටක් ලෙස ලැජ්ජාවට පත්විය යුතු කරුණක් ලෙස සලකන්නෙමු. 

දැන්වීම

“ගරු මන්ත්‍රී”යනුවෙන් හැදින්වෙන පුද්ගලයෙකු රටේ ප්‍රධාන ගුවන් තොටුපොළෙහි ප්‍රභු පර්‍යන්තය යොදා ගනිමින් සිදු කර ඇති මෙම ක්‍රියාව මගින් ප්‍රදර්ශනය වී ඇත්තේ මේ රටේ ප්‍රභූන් ලෙස සැලකෙන ඇතැම් පාර්ශවයන් නීතියට පිටුපාමින් සිදු කර ගෙන යමින් සිටින දූෂිත ක්‍රියාවන්හි එක් සුළු පැතිකඩක් පමණක් යැයි ද අප විශ්වාස කරන්නෙමු.  

මෙම ක්‍රියාව මගින් අදාළ මන්තීවරයා සමස්ත පාර්ලිමේන්තුව අපහාසයට ලක් කර තිබේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන ගරු කටයුතු මන්ත්‍රීවරුන් ද සිටින බව පිළිගන්නා අප මෙවන් පුද්ගලයන්ගේ මෙවැනි ක්‍රියාවන් නිසා ඔවුන්ද අපකීර්තියට පත්වන බව අවධාරණයෙන් සඳහන් කරන්නෙමු.

එමෙන්ම මෙම සිදුවීම හුදු රේගු නීතිය කඩ කිරීමක් ලෙස පමණක් සැලකිය යුතු නොවන බව පෙනේ. මේ මගින් රටේ විනිමය නීති උල්ලංඝනය කිරීමක් ද සිදු කර තිබිය හැකිය. එවැන්නක් වී ඇත්නම්  එම ක්‍රියාව ද බරපතළ වරදකි. එබැවින් අප රටේ වග කිව යුතු පාර්ශව මේ පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කළ යුතුව ඇති අතර චෝදනාව එල්ල වී ඇති අය කුමන තරාතිරමක වුවත් එම තරාතිරම් නොසලකා නීතිය අකුරටම ක්‍රියාත්මක විය යුතු යැයි අපි අපේක්ෂා කරන්නෙමු.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රේගු නීතිය උල්ලංඝන කළ මන්ත්‍රීවරයා ජනතාවට සේම පාර්ලිමේන්තුවට ද අවමන් කළා | Lanka Newsweek