අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රුහුණේ පාරම්පරික වෙදදුරෝ අගමැති වෙනුවෙන් “ව්‍යාඝ්‍ර දැහැනට” සමවදිති..!

රුහුණේ පාරම්පරික වෙදදුරෝ අගමැති වෙනුවෙන් “ව්‍යාඝ්‍ර දැහැනට” සමවදිති..!

කුමන්ත්‍රණකරුවන්ට වැඩ වරදින ලකුණු..? (හේමන්ත තුෂිත) සියලු අනවින, කොඩිවින, නීච කුල බන්ධන හදි හූනියම් ඇතුළු සියලුම දුෂ්ට බලවේග පරාජය කෙරෙන “ව්‍යාඝ්‍ර දැහැන” අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් අද…

කුමන්ත්‍රණකරුවන්ට වැඩ වරදින ලකුණු..?

රුහුණේ පාරම්පරික වෙදදුරෝ අගමැති වෙනුවෙන් “ව්‍යාඝ්‍ර දැහැනට” සමවදිති..!

(හේමන්ත තුෂිත)

සියලු අනවින, කොඩිවින, නීච කුල බන්ධන හදි හූනියම් ඇතුළු සියලුම  දුෂ්ට බලවේග පරාජය කෙරෙන “ව්‍යාඝ්‍ර දැහැන” අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් අද (03) මධ්‍යම රාත්‍රී 12.00 ට ජප කෙරේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් මෙසේ “ව්‍යාඝ්‍ර දැහැනට” සම වදින්නේ දුටුගැමුණු රජතුමාට ආරක්ෂාව ලබා දෙමින් රජතුමාගේ ජීවීතය බේරා ගත් ඓතිහාසික රුහුණු පුරවරයේ, මාතර හද්දා පිටිසර ග්‍රාමයක පාරම්පරික වෙද පරපුරකින් පැවත එන ගුප්ත මන්ත්‍රාචාර්යවරුන් පිරිසකි.

මේ කණ්ඩායම මෙසේ  “ව්‍යාඝ්‍ර දැහැනට”  සම වදින්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පුරා සිව් මසක්  මුළුල්ලේ සිදු කළ විශේෂ සහ රහස්  වත් පිළිවෙත් සමුදායකින් පසුව අවසාන අධිෂ්ඨාන පූර්වක වත් පිළිවෙත වශයෙනි.

“ව්‍යාඝ්‍ර දැහැනට”  සම වැදීමෙන් පසුව අලුයම සිට දහවල් 12.00 දක්වා රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඔහුගේ නාමයට සර්ව ජන වශිය අඛණ්ඩව ජප කෙරේ.

මේ යාතු කර්මයෙන් පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වටා මිතුරු සහ සතුරු වෙසින්  ක්‍රියාත්මක වන සියලුම ඇසට පෙනෙන නොපෙනෙන අඳුරු බලවේග පරාජයට පත් වන බව පෙන්වා දුන් එම පාරම්පරික වෙදදුරෝ ඊට පසුව රනිල් වික්‍රමසිංහ මහතා වැරදි ඇතොත් ඒ වැරදි නිවැරදි කර ගනිමින්  සිය හෘද සාක්කියට එකඟව ක්‍රියා කළ යුතු යැයි ද අවධාරණය කළහ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රුහුණේ පාරම්පරික වෙදදුරෝ අගමැති වෙනුවෙන් “ව්‍යාඝ්‍ර දැහැනට” සමවදිති..! | Lanka Newsweek