රුපියල බාල්දුවීම හොඳයි කියන්නේ “ආර්ථික-දේශපාලන” කේවට්ටයෝ..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

පුරා විද්‍යා සංහාරයට වග කිව යුත්තන් ඉල්ලා අස්විය යුතුයි..! (හේමන්ත තුෂිත කුමාර) රුපියලේ අගය අඩුවීම රටේ ආර්ථිකයට සුභවාදී තත්ත්වයක් බවට ඇතැම් ආර්ථික සහ දේශපාලන න්‍යායවාදීන් සිද කරන ප්‍රකාශ ගැටලු සහගත…
පුරා විද්‍යා සංහාරයට වග කිව යුත්තන් ඉල්ලා අස්විය යුතුයි..!
(හේමන්ත තුෂිත කුමාර)
රුපියලේ අගය අඩුවීම රටේ ආර්ථිකයට සුභවාදී තත්ත්වයක් බවට ඇතැම් ආර්ථික සහ දේශපාලන න්‍යායවාදීන් සිද කරන ප්‍රකාශ ගැටලු සහගත යැයි එක්සත් ජාතික පක්ෂයේ උපනායක, හිටපු මුදල් අමාත්‍ය සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.
රවී කරුණානායක මහතා පෙන්වා දෙන්නේ රුපියලේ අගය පහත වැටීම මගින් , සිදු වන බලපෑම 68%ක් වන සමස්ථ ආනයනයෙන් සහ 38%ක් වන අපනයනය මඟින් ආවරණය කරන්නෙ කෙසේද යන්න තමාට ගැටලුවක්ව පවතින බවයි.
ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ තොටළඟ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.
මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ පසුගියදා හට ගත් ගැටුම්වලින් විපතට පත් පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් මූල්‍ය අනුග්‍රහය දැක්වීම සඳහා මෙම උත්සවය සංවිධානය කර තිබුණි .
මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රවී කරුණානායක මහතා මෙසේද කීය.
“අපේ ආර්ථික සහ දේශපාලන න්‍යායවාදීන්ගේ දැක්ම රට හමුවේ මනාව පැහැදිලි වනවා. මහ බැංකුවේ ප්‍රායෝගික දැනුමක් නොමැති මහ පොළවේ පය නොගහන නිලධාරීන් රටේ ආර්ථිකය හසුරු වන්නේ කොහොමද කියන ප්‍රශ්නය මම හැමදාම මතු කළා.
එදා මම ඉන්ධන මිල පාලනය කළා. එමගින් අපේ භාණ්ඩාගාරයට කිසියම් බල පෑමක් නොවන ආකාරයෙන් මම කටයුතු කළා. ඉන්ධන මිල හරහා සමස්ථ ආර්ථික දේහයට බලපෑම් එල්ල වන එක යට පත් කරන එක පහසු නැහැ .
අනුරාධපුර ඉපලෝගම පුරා විද්‍යා ස්ථානයක සිදු වී ඇති සංහාරය සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍ය වේදියෙකු විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රවී කරුණානායක මහතා කියා සිටියේ, මෙවැනි පුරා විද්‍යා භූමියක සිදු වී ඇති ජාතික සංහාරය හමුවේ වගකිව යුත්තන් වහා තනතුරුවලින් ඉල්ලා අස් විය යුතු බවයි.
සාමාන්‍ය පුද්ගලයකු පුරා විද්‍යා ස්ථානයක උදලු පහරක් ගැසුවත් කුදලා ගෙන ගොස් නීතිය ක්‍රියාත්මක කිරීමට උනන්දු වුවද, මෙවෙනි බරපතළ සිද්ධියකදී , රටම නිහඬ වෙලා, ජනමාධ්‍ය නිහඬ වෙලා...මෙවැනි තත්ත්වයක් රටේ ජනතාව අනුමත කරන්නෙ නැහැ. ජනතාව මේ වගේ සිද්ධි ගැන අවධානයෙන් ඉන්නෙ.”
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1