රුපියල් මිලියන 47.3ක් සමග තරුණයෙකු අත් අඩංගුවට
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) රුපියල් මිලියන 47.3කට අධික වටිනාකමින් යුත් විදේශීය මුදල් තොගයක් රැගෙන සිංගප්පූරුව බලා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු තරුණයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී…
(නිලන්ති චන්ද්‍රසේන)
රුපියල් මිලියන 47.3කට අධික වටිනාකමින් යුත් විදේශීය මුදල් තොගයක් රැගෙන සිංගප්පූරුව බලා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු තරුණයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා රේගුව සඳහන්කරන්නේ සැකකරු සතුව තිබූ මුදල් අතර අමෙරිකානු ඩොලර්, හොංකොං ඩොලර්, ජපන් යෙන්, සෞදි රියාල් තිබූ බවය.මෙම මුදල් ඉතා සුක්ෂමව ගමන් බැගයක සගවා ගෙන රැගෙන යාමට තැත් කිරීමේදී රේගුව මගින් සොයා ගෙන ඇත.
ශ්‍රී ලංකා රේගුව පැවසුවේ සැකකරු මීගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක තරුණයෙකු බව ය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1