අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රුපියල් මිලියන 153 කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත් අඩංගුවට..!

රුපියල් මිලියන 153 කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත් අඩංගුවට..!

(ජයකාන්ත ලියනගේ - බළපිටිය) රුපියල් මිලියන 153 කට අධික වටිනාකමකින් යුත් හසීස් මත්ද්‍රව්‍ය කිලෝ 19 යි ග්‍රෑම් 348 ක්, හෙරොයින් ග්‍රෑම් 348 සහ අයිස් ග්‍රෑම් 04 ක් සමඟ සැකකරුවෙක් ශ්‍රී ලංකා නාවික හමුදාව,…

(ජයකාන්ත ලියනගේ  -  බළපිටිය)

රුපියල් මිලියන 153 කට අධික වටිනාකමකින් යුත් හසීස් මත්ද්‍රව්‍ය කිලෝ 19 යි ග්‍රෑම් 348 ක්, හෙරොයින් ග්‍රෑම් 348 සහ අයිස් ග්‍රෑම් 04 ක් සමඟ සැකකරුවෙක් ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව කරන ලද වැටලීමකදී ඊයේ (19) රාත්‍රී අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරු හා මත්දව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත ඊයේ (19) රාත්‍රියේම බාර දුන් බව ශ්‍රි ලංකා නාවික හමුදාව කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කොලඹ - 12 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 ක් වන පුද්ගලයෙකි. ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව ඊයේ (19) රාත්‍රී කාලයේ සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී සැකකරු සමග මත්දව්‍ය තොගය අත් අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රි ලංකා නාවික හමුදාවේ බුද්ධි අංශයට ලැබුණ තොරතුරකට අනුව, කොළඹ 12 ප්‍රදේශයේ සැක කටයුතු නිවසක් පරීක්‍ෂාවට ලක්කර සැකකරු සමග මත්දව්‍ය තොගය සොයාගත් බව නාවික හමුදාව කියයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රුපියල් මිලියන 153 කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත් අඩංගුවට..! | Lanka Newsweek