අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රු.කෝටි 5ක හෙරොයින් සමග විදේශකයෙකු අත්අඩංගුවට..!

සේවක වර්ජනයෙන් ගුවන් තොටුපොල කටයුතු අඩාලයි.

(නිලන්ති චන්ද්‍රසේන) හෙරොයින් තොගයක් සමග පකිස්තාන් ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ, ගුවන් තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් අද (9) උදෑසන අත්අඩංගුවට ගෙන…

(නිලන්ති චන්ද්‍රසේන)

හෙරොයින් තොගයක් සමග පකිස්තාන් ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ, ගුවන් තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් අද (9) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.

මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 50ක් පමණ වෙන බව එම පොලිසිය පවසයි.මෙහි බැර කිලෝ ග්‍රෑම් 04 ග්‍රෑම් 186 වේ.පකිස්ථානයේ ලාහෝර් නුවරින් අද (9) උදැසන 7.30ට පමණ මෙරටට මොහු පැමිණ තිබේ.

සැකකරු තම ගමන් මල්ලේ රහසිගත පතුලක් සදා ගෙන මේ හෙරොයින් තොගය මෙරටට රැගෙන පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කර සිටි.

මේ සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රු.කෝටි 5ක හෙරොයින් සමග විදේශකයෙකු අත්අඩංගුවට..! | Lanka Newsweek