අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

රිෂාඩ් බදුර්දීන් ගේ බිරිඳ ඇතුළු පිරිස අධිකරණයට

රිෂාඩ් බදුර්දීන් ගේ බිරිඳ ඇතුළු පිරිස අධිකරණයට

(හේමන්ත තුසිත කුමාර) පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා ඇත්තේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි දැරියක් මිය යාමේ සිද්ධියට අදාළව…

(හේමන්ත තුසිත කුමාර)

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා ඇත්තේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි දැරියක් මිය යාමේ සිද්ධියට අදාළව පොලිසිය විසින් සිකුරාදා(23) අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ , ඇගේ පියා සහ දැරිය එම නිවසට රැගෙන ආ පුද්ගලයා යන තිදෙනා සෙනසුරාද(24) පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 2 අධිකරණය වෙත ඉදිරිපත් කරන බවය. 

එමෙන්ම එම නිවසේ මීට පෙර සේවය කළ 22 හැවිරිදි තරුණියක දූෂණය කිරීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගෙන සිටින බදුර්දීන් මහතාගේ බිරිඳගේ සොහොයුරා ද සෙනසුරාදා(24) අධිකරණයට  ඉදිරිපත් කරන බව ඔහු පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න