රිෂාඩ් බදියුදීන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන 14 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.ඒ ඉශාලිනි දැරිය මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල…
(හේමන්ත තුසිත කුමාර)
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන 14 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.ඒ ඉශාලිනි දැරිය මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල සහිතව මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව අද(01) කැඳවූ අවස්ථාවේදීය.කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අදාල නියෝගය සිදු කලාය .
ඇප ලබා දුනහොත් විමර්ශකයින්ට සහ සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල කළ හැකිය යන පදනම මත ඇප ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන 14 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාටද නියෝගයක් ද නිකුත් කළාය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1