අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රිෂාඩ් නිසා රසායන අවි අධිකාරිය අනතුරේ.

රිෂාඩ් නිසා රසායන අවි අධිකාරිය අනතුරේ.

(රංජිත් ගුණවර්ධන) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන) ලෙස සේවය කොට මීට සති දෙකකට පෙර විශ‍්‍රම ලබා ගත් එච්. ඒ. අලාම් මහතා එම අමාත්‍යංශය යටතේ පිහිටුවා ඇති ජාතික රසායන අවි අධිකාරියේ…

(රංජිත් ගුණවර්ධන)

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන) ලෙස සේවය කොට මීට සති දෙකකට පෙර විශ‍්‍රම ලබා ගත් එච්. ඒ. අලාම් මහතා  එම අමාත්‍යංශය යටතේ පිහිටුවා ඇති ජාතික රසායන අවි අධිකාරියේ අධක්ෂ ධුවරයට පත් කොට තිබේ. එම ඒකකයේ අධ්‍යක්ෂ ධුරය රසායන විද්‍යාව පිළිබද උපාධිධාරියෙකුට ලබාදිය යුතු වුවද කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ සමීපතම හිතවතකු වන එච්. ඒ.  අලාම් මහතා අදාළ තනතුරට පත් කොට ඇත්තේ අමාත්‍ය මණ්ඩල අනුමැතියකින්ද  තොරවය. සමාන්‍යෙයන් එම ඒකකයට බදවා ගන්නා කළමණාකරණ සහකාරවරයෙකුට පවා  රසායන විද්‍යා උපාධියක් තිබිය යුතු වුවත් එච්. ඒ.   අලාම් මහතාට එවැනි කිසිදු සුදුසුකමක් නොමැති අතර ඔහු පරිපාලන සේවයේ සාමාන්‍ය  උපාධිධාරියෙකු බව අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි. එම ඒකකට එච්. ඒ.    අලාම් මහතා පත්කිරීමට පෙර අමාත්‍ය රිෂාඩ් බදුර්දින් මහතාගේ උපදෙස් පිට අධ්‍යක්ෂවරයාගේ කාර්යාලය රැපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් වැය කොට නවීකරණය කොට ඇත්තේ අමාත්‍යංශ ලේකම්වරයාගේ පවා අනුනමැතියකින් තොරවය. අදාළ තනතුරට මේ වනවිටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි නොවීම නිසා එම ඒකකයේ අධ්‍යක්ෂ ධුරය සදහා හිමි විය යුතු මාසික වැටුප පවා අලාම් මහතාට ගෙවා නොමැති බවද අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රිෂාඩ් නිසා රසායන අවි අධිකාරිය අනතුරේ. | Lanka Newsweek