රියදුරු පුහුණු පාසල්වල ප්රමිතිය පරික්ෂාවට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

රියැදුරු පුහුණුව සඳහා යොදා ගන්නා වාහනවල ප්රමිතිය පරික්ෂා කිරීමේ නිතිය ලබන වසරේ සිට දැඩිව ක්රියාත්මක කරන බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව පවසයි. එහි කොමසාරිස් සුනිල් ජයවීර මහතා ප්රකාශ කර…
රියැදුරු පුහුණුව සඳහා යොදා ගන්නා වාහනවල ප්රමිතිය පරික්ෂා කිරීමේ නිතිය ලබන වසරේ සිට දැඩිව ක්රියාත්මක කරන බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
එහි කොමසාරිස් සුනිල් ජයවීර මහතා ප්රකාශ කර සිටියේ, ලබන වසරේ සිට සියලුම රියදුරු පුහුණු පාසල්වල පුහුණුව සඳහා යොදා ගන්නා වාහන වල ප්රමිතය පරික්ෂාවට ලක් කරන අතර නියමිත ප්රමිතියෙන් තොර වාහන පිළිබඳව දැඩිව නිතිය ක්රියාත්මක කරන බවයි.
එහිදී නිසි ප්රමිතියෙන් යුත් රියැදුරු පුහුණු පාසල් සහ වාහන හඳුනාගැනීම සඳහා ස්ටිකරයක් ඇලවීමට සුදානම් බව ද මෝටර් රථ ප්රවාහන කොමසාරිස්වරයා සඳහන් කළේ ය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1