අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රැඩිකල් දේශපාලන ව්‍යාපාරයකට නායකත්වය දිය හැක්කේ රනිල්ට විතරයි

රැඩිකල් දේශපාලන ව්‍යාපාරයකට නායකත්වය දිය හැක්කේ රනිල්ට විතරයි

සියලු පාර්ශවයන් එකට ඒකරාශී කර ගත් රට ගොඩනගන රැඩිකල් දේශපාලන ව්‍යාපාරයකට නායකත්වය දිය හැක්කේ ජනාධිපති රනිල්ට වික්‍රමසිංහ මහතාට පමණක් යැයි කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක රවී කරුණානායක මහතා…

සියලු පාර්ශවයන් එකට ඒකරාශී කර ගත් රට ගොඩනගන රැඩිකල් දේශපාලන ව්‍යාපාරයකට නායකත්වය දිය හැක්කේ ජනාධිපති රනිල්ට වික්‍රමසිංහ මහතාට පමණක් යැයි කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක රවී කරුණානායක මහතා අවධාරණය කර සිටින අතර ඔහු මේ සම්බන්ධයෙන් මෙසේ ද කියා සිටියි.

"ජාත්‍යන්තර සහයෝගය, පිළි ගැනීම සහ ගෞරවය දිනා ගෙන මේ රට දියුණු කරන්න අත්‍යවශ්‍ය සාධකය වන්නේ සංහිඳියාව සහ සාමයයි. ඒ සාමය සහ සංහිඳියාව ඇති කර ජාත්‍යන්තර සහයෝගය, පිළි ගැනීම සහ ගෞරවය දිනා ගත හැක්කේ එක්සත් ජාතික පක්ෂයට විතරයි.  

උද්ගත වී තිබෙන අර්බුදකාරී තත්ත්වයෙන් මේ රට ගොඩගැනීම සඳහා සියලු පාර්ශවයන් එකට ඒකරාශී කර ගත් අලුත් සහ පුළුල් ජාතික දේශපාලන බලවේගයක් අද රටට-ජනතාවට අවශ්‍ය කරන අතර රැඩිකල් පෙරළියක් රටේ ඇති කළ හැක්කේ එවැනි දේශපාලන බලවේගයකින් විතරයි.

දැන්වීම

රට-ජනතාව වෙනුවෙන් ඒ අලුත් දේශපාලන බලවේගය ගොඩනැගිය අලුතින් සිතා නව ආරකින් ක්‍රියා කළ හොත් පමණයි. ඒ අලුත් දේශපාලන ව්‍යාපාරයට නායකත්වය දිය හැකි සුදුසුම දේශපාලන නායකයා වන්නේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. 

විනාශකාරී, ජාතිවාදී සහ අන්තවාදී දේශපාලනය වගේම වාමාංශික දේශපාලන ව්‍යාපාරය මේ රට විනාශ කළ සෑම අවස්ථාවකදීම රට බේරා ගෙන සංවර්ධනය කරමින් ජනතාවට සහන සැලසුවේ එක්සත් ජාතික පක්ෂය බව කිව යුතුයි. ඒ වගේම සෑම ආගමකටම සහ සෑම ජන වර්ගයකටම එක වගේ සලකන්නේ ද එක්සත් ජාතික පක්ෂයි. නාගරික වගේම ග්‍රාමීය ප්‍රජාවට ද එක ලෙස යුතුකම් ඉටු කරමින් ජාති, ආගම් සහ කුල භේදයකින් තොරව මේ රට එක්සත් කළේත් එක්සත් ජාතික පක්ෂයයි. 

එක්සත් ජාතික පක්ෂය සහ රනිල් වික්‍රමසිංහ හැරුණු කොට මේ රටට-ජනතාවට විකල්පයක් නැහැ. රට-ජනතාව මුලා කරමින් සහ පාවා දෙමින් විපක්ෂය කරන්නේ අවස්ථාවාදී දේශපාලනයක් බව කිව යුතුයි."   

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රැඩිකල් දේශපාලන ව්‍යාපාරයකට නායකත්වය දිය හැක්කේ රනිල්ට විතරයි | Lanka Newsweek