අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රැකියා විරහිත උපාධිධාරීන් සජිත් හමුවෙයි

රැකියා විරහිත උපාධිධාරීන් සජිත් හමුවෙයි

(අචින්ත මධුර) රැ කියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් ඊයේ (18) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමට කටයුතු කර තිබේ. ඒ සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනතාවගේ ගැටළු සෘජුවම තමාට යොමු කිරීමට ඉඩ…

(අචින්ත මධුර)

රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් ඊයේ (18) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමට කටයුතු කර තිබේ. ඒ සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනතාවගේ ගැටළු සෘජුවම තමාට යොමු කිරීමට ඉඩ ප්‍රස්තාව සලසා දීමේ අරමුණින් පවත්වාගෙන යනු ලබන Citizens’ Voice වැඩ සටහනට සමගාමීවයි.

වත්මන් රජය පසුගිය ජනාධිපතිවරණය, මහමැතිවරණය සහ පළාත් පාලන මැතිවරණ වේදිකාවල මෙන්ම පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන ප්‍රතිපත්ති ප්‍රකාශයේ 72 වැනි පිටුව තුළ රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දෙන බව පවසමින් පොරොන්දු රාශියක් ඉදිරිපත් කළත් අද ඒ පොරොන්දු සියල්ල නින්දා සහගත ලෙස අමතක කර දමා ඇති බවත් මේ වන විට රැකියා විරහිත උපාධිධාරීන් 40000ක් පමණ රැකියා නොමැතිව අතරමං වී ඇති බවත් මෙහිදී අවධානයට ලක් වූ අතර ඒ පිළිබඳව විපක්ෂ නායක වරයා සිය අප්‍රසාදය පල කරනු ලැබීය.

එසේම මැතිවරණ සමයේ මෙම තරුණයන් දේශපාලන වේදිකාවලට ගෙන්වීමට අවශ්‍ය සංවිධාන කටයුතු කළ පුද්ගලයන් රජයේ ඉහළ තනතුරු දරන විට මෙම රැකියා විරහිත උපාධිධාරී තරුණ තරුණියන් තවමත් මහපාරේ සිය ඉල්ලීම් ඉදිරිපත් කරමින් සිටීම, මෙරට දේශපාලන ඉතිහාසයේ විශාලතම ජනතා පවා දීමක් බව පෙන්වා දුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය එදා මැතිවරණ සමයේ ඉදිරිපත් කළ පොරොන්දු ඉටු කර මොවුන්ට රැකියා ලබා දෙන තුරු ඔවුන් වෙනුවෙන් සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් ප්‍රජාතන්ත්‍රවාදීව පෙනී සිටින බව පැමිණ සිටි පිරිසට පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න