රාවණා -01 ජාත්‍යන්තර අභ්‍යාවකාශයට..!

රවණා -01 චන්ද්‍රිකාව තවත් අභ්‍යාවකාශ යානයක් හරහා ඊයේ (19) පස්වරු 6.30ට ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත භාරදී ඇත. මෙම යානය නිෂ්පාදනය කර තිබෙන්නේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරීයෙකු…
රවණා -01 චන්ද්‍රිකාව තවත් අභ්‍යාවකාශ යානයක් හරහා ඊයේ (19) පස්වරු 6.30ට ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත භාරදී ඇත.
මෙම යානය නිෂ්පාදනය කර තිබෙන්නේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරීයෙකු වන තරිඳු දයාරත්න සහ තායිලන්තයේ ආසියානු තාක්ෂණ ආයතනයේ උපාධිධාරිනියක වන දුලානි චාමිකා විතානගේ විසිනුයි.
මෙම රාවණා -01 චන්ද්‍රිකාව, පෙරේදා (18) අලුයම නාසා ආයතනයට අයත් අමෙරිකාවේ වර්ජිනියාහි පිහිටි මධ්‍ය අත්ලාන්තික් ප්‍රාදේශීය අභ්‍යවකාශ තොටුපොළෙන් අභ්‍යවකාශගත කෙරුණේ ඇන්ටරේස් රොකට්ටුවක ආධාරයෙන් ය.
මෙම චන්ද්‍රිකාව ඔවුන් දෙදෙනා නිෂ්පාදනය කර ඇත්තේ, ජපානයේ කියුෂු තාක්ෂණික ආයතනයේ අභ්‍යවකාශ ඉංජිනේරු තාක්ෂණය හදාරමින් සිටින අතරතුරයි.